ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනතාවට ආධාර ලබාදෙන්න කටයුතු කරනවා-ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ කියන එක වැරදියි-ආපදා ඇමැති

    මැයි 25, 2016

    ජාත්‍යන්තර ආධාර ලැබෙමින් තිබෙනවා.ජනතාවට ආධාර ලබාදෙන්න කටයුතු කරනවා.ආපදාවට ලක්වූ තුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථානවල සිටිනවා. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් වුණේ නෑ.ආණ්ඩුව  කිසිම දෙයක් කළේ නෑ කියලා කියන එක වැරදියි.සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට මුදල් ලබාදී තිබෙනවා යැයි
    ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

     

    අමාත්‍යවරයා,මේ බව ප්‍රකාශ කළේ, අද (25) පාර්ලිමේන්තුවේ දී ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.


    අපි හැකි තරම් ජනතාවට දැනුම් දීම් කළා ඉවත් වෙන්න කියලා.නාය යෑමේ ප්‍රදේශවලටත් අවධානම කිව්වා. පසුගිය දින කීපය තුළ,  15 වෙනිදා වැහැලා තියෙනවා මිලිමීටර 300ක ජලකදක් වැහැලා තිබෙනවා.මැයි 17 කැලණි ගඟ මිටියාවතට මිලිමීටර 150කට වැඩි වර්ෂාවක් වැස්සා. විශාල ජල ධාරාවක් ආවා. දෙපැත්තකින් ප්‍රශ්න ඇති වුණා. වතුර ගැලුවා. නාය යෑම් අනතුරු සිදු වුණා.මියගිය තුවාල වූ සියලු දෙනාටම ශෝකය පළ කරනවා.

     


    රැදවුම් මධ්‍යස්ථාන 613ක් ක්‍රියාත්මක වී තිබෙනවා.හාරලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී තිබෙනවා. තුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථානවල සිටිනවා. සියලු දෙනාටම ආහාර ලබාදී තිබෙනවා. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් වුණේ නෑ. බෝට්ටු 170 වැඩිය යොදවලා සියලු දෙනා බෙරාගත්තා. ගුවන් හමුදාවත් සහාය දුන්නා.සහනධාර මුදල රුපියල් 225ට වැඩිකළා.ආණ්ඩුව  කිසිම දෙයක් කළේ නෑ කියලා කියන එක වැරදියි.සාමාන්‍ය ජනතවත් වැඩ කළා. ආහාර දෙන්න හෙළිකොප්ටර් යොදවන්න සිදු වුණා.

     

    අපි මූලික කාර්යය කර අවසන්.අපිට ලොකුම ප්‍රශ්නය නාය කෑගල්ල ප්‍රදේශයේ මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි වෙලා. නිවාස සදා දෙන්න වැඩ කරන්න ඕන.අපි දන්නවා, දවසෙන් දෙකෙන් වාර්තාවක් දෙන්න බෑ. කාලයක් යනවා. පෙරාදෙණිය හා මොරටුව විශ්වවිද්‍යාලවල උදව් ගන්නවා මේ කටයුත්තට. ගෙවල් පිරිසිදු කිරීම ආරම්භ කර තිබෙනවා. පිරිසිදු කිරීමට අවශ්‍ය උපකරණ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් ,ග්‍රාමනිලධරීන්ට සම්බන්ධවෙලා  බෙදා හරින්න කියලා.

     

    අද අපේ රටේ සාමාන්‍ය ව්‍යවසන ඇතිවෙනව. ජල බස්නා මාර්ග නිසි ලෙස සකස් කර නෑ.මේ අයට ගෙවල් සාදාදෙන්න අවශ්‍යයි. රක්ෂණ ක්‍රමයක් ආරම්භ කළා රජය විසින්.රක්ෂණ භාර අරමුදල ඒ සඳහා කටයුතු කරනවා. කොළඹ නගරය විශාල පිරිසක් ජීවත් වන තැන. ගංවතුරෙන් බේරාගන්න රටවල් ගණනාවක් ඉදිරිපත් වී සිටිනවා. අනාවැකි විශ්වාස කරන්නේ නෑ. අනාවැකි විශ්වාස කරන්න පටන් ගන්න ඕනෑ. බස්නාහිර පළාතේ සියලු ගොඩකිරීම් නවත්වන්න කියලා නියෝග කළා. ආරක්ෂිත ප්‍රදේශ නම් කරන්න, ගැසට් නිවේදනය නිකුත්වෙයි. කාර්යසාධක බලකාය පුළුල් ලෙස රැස්වෙනවා. ජාත්‍යන්තර ආධාර ලැබෙමින් තිබෙනවා.ජනතාවට ඒ ආධාර ලබාදෙන්න කටයුතු කරනවා. නාය යන ප්‍රදේශවල ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තියක් නැති වීමත් ප්‍රශ්නයක්.අපේ අන්තර් අමාත්‍යාංශ එකමුතුවක් තිබෙනවා.අපි ජනතාවට අධ්‍යාපනයක් ලබාදිය යුතුයි ඉඩම් පරිහරණය පිළිබඳව. පහත් බිම් ගොඩකිරීම  ඉඩ නොතැබිය යුතුයි.නගරය ආරක්ෂා කරගන්න වැඩකළ යුතුයි. ජනාධිපතිතුමා,අගමැතිතුමා, සෑම දෙනාම විශාල සහායක් දුන්නා.සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට මුදල් ලබාදී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya