ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දූෂණය හෙළි කිරීමේ වැඩසටහනත්, නීතිය අනුව පියවර ගන්නා වැඩසටහනත් ක්‍රියාත්මකයි

    ජූනි 08, 2016

    දූෂණය හෙළි කිරීමේ වැඩසටහනත්, නීතිය අනුව පියවර ගන්නා වැඩසටහනත් ක්‍රියාත්මක කරගෙන යන බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් පරීක්ෂණ 44ක විමර්ශන අවසන් කර ඇති බවත් ඊට අදාළ ලිපිගොනු සියල්ලම නීතිපති උපදෙස් සඳහා යොමු කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.


    දූෂණය හෙළි කිරීමේ වැඩසටහනත්,නීතිය අනුව පියවර ගන්නා වැඩසටහනත් ක්‍රියාත්මක කරගෙන යනවා. අපරාධ හා දූෂණ දෙස බැලුවාම පරික්ෂා කරන්න පුහුණුකරුවෝ පිරිසක් හිටියේ නෑ.ඒ නිසා කල්ගියා මූලික කණ්ඩායම පුහුණු කරගැනීමට.දෙවෙනුව තවත් කණ්ඩායම් ලංකාවේ දී පුහුණු කරගෙන යනවා. ඒ පුහුණු කණ්ඩායමෙන් මෙම කටයුතු කරගෙන යන්නේ.පරීක්ෂණ 44ක් විමර්ශනය කොට අවසන් කර ඇති අතර ඊට අදාළ ලිපිගොනු සියල්ලම නීතිපති උපදෙස් සඳහා යොමු කර තිබෙනවා.

    නීතිපතිතුමාට යළි ඒ ගැන සොයා ක්‍රියාත්මක කරන්නට තිබෙනවා.නීතිපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට විමර්ශන ගොනු 06ක් අධිකරණය වෙත යොමු කර තිබෙනවා.ඉතිරි විමර්ශන ගොනු සඳහා නීතිපති උපදෙස් ලද වහාම,පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා.

    සමහර පරීක්ෂණවලදී අලුත් කරුණු හෙළි වී තිබෙනවා.පරීක්ෂණවලදී තවත් කරුණු එන්න පුළුවන්.බරපතල වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂම් සභාව විසින් ද වංචා දූෂණ විමර්ශනය කරන අතර විමර්ශන අවසන් වූ විට එම වාර්තාව අතිගරු ජනාධිපතිතුමාට ලබාදීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya