ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ආණ්ඩුව කැඩීමට නොහැකියි

    ජූනි 09, 2016

    විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ආණ්ඩුව කැඩීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

     

    මන්ත්‍රී හිමියන් මේ බව අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයාට එරෙහිව විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාවේ විවාදයට එක්වෙමිනි.

    ගුණාත්මක සාකච්ඡාවක් ආරම්භ කළ යුතුයි.විශාල ණය කන්දකට යටවෙල. අපි ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එකතු වී තිබෙනවා.නියම ජාතික ආණ්ඩුවක් හැටියට කොහොමද  සාර්ථක කරගන්නේ.


    පසුගිය කාලේ රටේ සමෘද්ධිය පෙන්නුවේ රට ණය කන්දකට හිර කරලයි. මේ එල්ල කරන විවේචන සැළකිල්ලට ගත යුතුයි.සියලු දෙනාටම වගකීමක් තිබෙනවා. ණය ගැනීමේ ප්‍රතිපත්තිය පිළිබඳව අලුත් නිර්ණායක සැකසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.සැබෑ ජාතික ආණ්ඩුවක ජාතික ප්‍රතිපත්තිය,සකස් කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතුයි.

     

    ප්‍රධාන පක්ෂ දෙකේ එකතුව ගුණාත්මකභවයට පත් කරන්නේ කෙසේද කියලා සාකච්ඡා කළ යුතුයි.මේ රට අගාධයෙන් ගොඩනැගීමට මේ පක්ෂ දෙක එකතුවීම ආශිර්වාදයක් කරගෙන සාධණීය යෝජනාවකින් ජාතික ප්‍රතිපත්තියකට තල්ලු කරගත හැකියි. ඒ විශ්වාසය අපිට තිබෙනවා.

     

    මුදල් ඇමතිවරයාට එල්ල කරන යෝජනාව සමස්ත ආණ්ඩුවට හා සමස්ත ආණ්ඩුවේ පද්ධතියට එල්ල කරන විවේචනයක්. ආණ්ඩුවට සහභාගී නොවී වුවත් සාධණීය විවේචනයක් ඉදිරිපත් කරමින් ගමන් මඟ නිවැරදි කිරීමේ විභවයක් තිබෙනවා.අපේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳව ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි යැයි ද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya