ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මුදල් ඇමැති විශ්වාසය දිනයි

    ජූනි 09, 2016

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වූ අතර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජයගත්තේ ය.

    විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. විවාදයෙන් අනතුරුව යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම ආරම්භ විය. ඡන්ද විමසීම නමිකව සිදු විය. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 51 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 145 ලැබුණි.

     

    හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාගර්භයේ සිටියේ නැත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ මහතා සහ නාමල් රජපක්ෂ මහතා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය. ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය. ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ද සභාවේ සිටියේ නැත.

     

    වැඩි ඡන්ද 94 කින් යෝජනාව පරාජයට පත් විය.ඒ අනුව විශ්වාසභංගය පරදා මුදල් අමාත්‍යවරයා ජයගනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya