ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනපතිගෙන් නීතිඥවරුන්ට ආරාධනයක්

    ජූනි 16, 2016
    විදේශීය ණය බරින් රට වෙළී ඇති මේ අභියෝගාත්මක අවස්ථාවේ සියලු වාද භේද දුරලා රට ගොඩනැගීමට තම දැනුම, බුද්ධිය සහ මඟ පෙන්වීම ලබා දෙන ලෙස ජනාධිපතිතුමා නීතිඥවරුන්ට ආරාධනා කළේය.
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නීතිඥවරුන් පිරිසක් අතර පසුගියදා ජනාධිපති මන්දිරයේ පැවති සුහද හමුවක දී ජනාධිපතිතුමා මෙම ආරාධනය කළේය.
     
    නව රජය බලයට පත්වී ගතවූ වසර එක හමාරක කාලය තුළ දී එතෙක් ශ‍්‍රී ලංකාවට අහිමිව තිබූ බොහෝ ජයග‍්‍රහණ දිනා ගැනීමට හැකිවූ බව ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.
     
    රට ලබා ඇති දියුණුව භෞතික වශයෙන් නොපෙනුනන ද රටට ජාත්‍යන්තරය තුළ ඉමහත් ප‍්‍රසාදයක් ලබා ගැනීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අදහස් සහ විවේචන ගෙන එන ඕනෑම කෙනෙකුට සවන් දෙන පුද්ගලයෙකු ලෙස තමාට අවශ්‍ය වන්නේ සියල්ලන්ගේම සහයෙන් රට ගොඩනැගීම බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
     
    රට තුළ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින් ජනාධිපතිතුමා විසින් ගෙන යන ඉදිරි ගමනට නීති වෘත්තීකයන් වන තමන් සියලු දෙනා උපරිම සහය පළ කරන බව එම අවස්ථාවට එක්ව සිටි නීතිඥයින් ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළහ.
     
    සුහද හමුව සඳහා නීතිඥයින් රැසක් සමග නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් පේ‍්‍රමජයන්ත්, ෆයිසර් මුස්තාෆා, අනුර ප‍්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් ද රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු නීතිඥ මහත්ම මහත්මීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya