ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු පනත ජනතාවට ලබාදීමෙන් රජය සතු දේශපාලන කැපවීම ලෝකයට පෙන්වා තිබෙනවා

    ජූනි 23, 2016

    රටේ අනාගතයට, ස්වර්ණමය අනාගතයක් උදාකරන,තොරතුරු දැනගැනීමේ අයිතිය,ජනතාවට දායාද කරන්නට ලැබෙන්නෙ වසර 2015 මේ රටේ සිදු වූ මාහැඟි විප්ලවය නිස බවත් තොරතුරු පනත ජනතාවට ලබාදීමෙන් දේශපාලන කැපවීම,රජය සතුව තිබෙන බව ලෝකයට පෙන්වා තිබෙන බවත්  විනිවිදභාවයෙන් යුතු යහපාලන රජයක් බව සනාථ කරන තිබෙන බව  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා, මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

     


    මෙවැනි නීතියක තිබෙන අවශ්‍යතාව, පනතක තිබෙන අවශ්‍යතාව,කතා කරන්න පටන්ගෙන බොහෝ කලක් ගත වෙනවා.1994 එවකට අමාත්‍ය ධර්මසිරි සේනානායක මැතිතුමා,මුලින් ම මෙවැනි කතාබහක් ඇතිකළා.ඒ අනුව කෙටුම්පත් කරන්න ගුණසේකර කමිටුවක් පත් කළා.

     

    විවිධ අවස්ථාවලදී  මේ පනත සභාවට ගෙන එන විට ඒ උත්සහයන් ව්‍යර්ථ වූ හැටි මම දැක්කා. 2002 බලයට පත් වූ එක්සත් ජාතික පෙරමුණේ අග්‍රාමාත්‍යතුමා, මේ පනත ගෙන ඒමට කෙටුම්පත සකස් කරලා,කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පව ලබාගෙන තිබිය දී අපේ රජය බලප්යෙන් ඉවත් වුණා.ඉන් පසු පැමිණි රජයට තොරතුරු දැනගැනීම ගැන කතා කරනකොට නයාට අඳු කොළ වගේ තිබුණේ.

     

     ඒ ආණ්ඩුවට වසන්කිරීමට බොහෝ දේ තිබුණා කියා අපි දැක්කා.එදා නායකයෝ කිව්වා තොරතුරු දැනගන්න පනත් කුමටද කියලා.ජනතාවගෙන් වසන් කරමින් තොරතුරු යටපත් කළා.මෙවැනි පනතක් ක්‍රියාත්මක කරන්න අපට ඉඩක් ලබුණේ නෑ. අපේ කතානායකතුමාටත් සිහිනයක් තිබුණා මේ රටේ  තොරතුරු පනත ක්‍රියාත්මක කළ යුතුයි කියලා.එදා පැවැති ආණ්ඩුව ඔලුගෙඩි පාවිච්චි කරලා පනත අකර්මන්‍ය කළා.විපක්ෂයේ සිටියත් බලයේ සිටියත් එක ප්‍රතිපත්තියක සිටින පිරිසක් ලෙස අපිට මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න ලබීම ගැන සතුටු වෙනවා.


    වසර 2015 මේ රටේ සිදු වූ මාහඟි විප්ලවය නිසයි මේ ඓතිහාසික රටේ අනාගතයට ස්වර්ණමය අනාගතයක් උදාකරන,තොරතුරු දැනගැනීමේ අයිතිය,ජනතාවට දායාද කරන්නට ලැබෙන්නෙ. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තොරතුරු දැනගැනීම කඩිනමින් ගෙන එන බව පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව වසර එක හමාරක් යන්නට පෙර යථාර්තයක් වී තිබෙන්නේ.

     

    මේවා මෛත්‍රී-රනිල් ආණ්ඩුවෙන් ජනතාව ලබන සුවිශේෂී ජයග්‍රහනයක්.අපේ යහපාලන ආණ්ඩුවට මුද්‍රාවක් තබන දිනය ලෙසත් මෙම තොරතුරු දැනගැනීමේ පනත ගෙන එන දිනය මම දකිනවා.

     

    දින සීයයේ වැඩසටහනෙන් මේ පිළිබඳව වැඩකටයුතු ආරම්භ කළා. එහෙත් ඉල්ලීම් ආවා මේ ගැන අධ්‍යයනය කරන්න කියලා.විද්වතුන්, මාධ්‍යයෙන් හැම අඳහසක්ම ගත්තා. ලෝකයේ මේ පනත් ගෙනාවේ උද්ඝෝෂණය කරලා. එහෙත් ආණ්ඩුව ඉදිරියට ඇවිත් පනතක් ගේන්න කටයුතු කර තිබෙනවා.

     

    ලෝකයේ රටවල් 120ක මෙවැනි පනත් ක්‍රියාත්මක වෙනවා.දකුණු ආසියාවේ අන්සියලු රටවල ක්‍රියාත්මක වෙද්දි, ප්‍රමාද වී හෝ ජනතවට වැදගත් පනතක් ගෙනවිත් තිබෙනවා.

     

    මට භාග්‍ය ලැබුණා, මේ ඓතිහාසික පනත ගෙන ඒමට.පොදු ජනතාවට ඉතාම වැදගත් වන මෙම පනත දෙවැනිවර කියවන්නේ දිවංගත රනසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජන්ම දිනයටයි.ඒ ගැන සතුටු වෙනවා.ලෝකයේ හත්වන හොඳම පනත ලෙසයි මේ පනත ශ්‍රේණිගත කර තිබෙන්නේ. අප දකුණු ආසියාවේ  දෙවැනි වන්නේ ඉන්දියාවට පමණයි.

     

     මෑතකාලීන ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තොරතුරු දැනගැනීමේ ජනතාව සතු අයිතිය,මුලින්ම නීතියක් ලෙස ස්ථාපනය කරන්නේ ස්වීඩනයේ.ජනතාවට තොරතුරු දීම රාජ්‍ය පාලනයේ වැදගත් බව සැළකුවා.

     

    අපි පාර්ලිමේන්තුවට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරමින් පනතේ සංශෝධන සිදු කරනවා.අපේ මෙයට ආරම්භයක් ලෙස දෙමු.තොරතුරු දැනගැනීමේ පනත් මොකටද කියලා සමහරු අහනවා.ආණ්ඩුවෙත්, රාජ්‍ය නොවන සංවිධානවලත් ආණ්ඩුව හා ව්‍යාපාර ගණුදෙනු කරන ව්‍යාපාරවලත් තොරතුරු දැනගැනීම,ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීමට ජනතාවට මේ පනතින් අයිතියක් ලැබෙනවා.

     

    කවුරුත් කතා කරන භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව වැනි ප්‍රබල තොරතුරු මේ පනත භාවිත කර ලබාගන්න පුළුවන්.මාධ්‍ය නිදහස ස්ථාපනය කළ ආණ්ඩුවක් නිසා, මාධ්‍යවේදීන් වෙනුවෙන් සැකසූ පනතක්ද කියලා හිතුවා.මාධ්‍යවේදීන්ටත් හොඳ අවස්ථාවක් ලැබෙනවා.අහුලාගෙන තොරතුරු දෙනවට වඩා ගවේෂණාත්මක තොරතුරු ලබාදීමට හැකියාව ලැබෙනවා.රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නම් තොරතුරු ලබා නොදීමට හැකියාව තිබෙනවා.

     

    අධිකරණ කටයුතුවලට බාධාවන, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට බාධාවන තොරතුරු ලබාදෙන්න බැ.ආර්ථිකයට අගතියක් වන තොරතුරු ලබාදෙන්න බෑ.රට තුළ ඒ තොරතුර අවශ්‍ය බව මතයක් ඇති වුණොත් ස්වාධීන තොරතුරු කොමිෂමට හැකියාව තිබෙනවා තොරතුරු ලබාදීමට.අපි බලාපොරොත්තුවන්නේ හැකි ඉක්මනින් ජනතාවට ප්‍රතිලාභ සළසා දීමටයි.මාස හයක් තුළ ක්‍රමවේදය සකස් කරන්නට බලාපොරොත්තු වෙනවා.ජනතා ආකල්ප, රාජ්‍ය සේවකයාගේ ආකල්ප වෙනස් කරන්නට සිදුවෙයි.රාජ්‍ය කාර්යාල 4000ක් 8000ක් රාජ්‍ය සේවකයන් පුහුණු කරන්නට වෙයි.හැම පාසලකටම, පොලීසියකටම තොරතුරු නිලධාරියෙකු පත් කරන්නට බලාපොරොත්තු වෙනවා.  මේවාගේ විශාලම අභියෝගය එන්නේ ආණ්ඩුවටයි.වීදුරු කූඩුවක් තුළ සිටිනවා වගේ.

     

    වැඩි වාසිය තිබෙන්නේ ජනතාවටයි.අපේ දේශපාලන කැපවීම, අපේ රජය සතුව තිබෙන බව  ලෝකයට පෙන්වා තිබෙනවා. විනිවිදභාවයෙන් යුතු යහපාලන රජයක් බව සනාථ කරනවා තොරතුරු පනත ජනතාවට ලබාදීලා. ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ඇතිවේවි.රාජ්‍ය සම්පත් යහපත් ලෙස ජනතාව වෙනුවෙන් භාවිතා වේවි.බොහෝ ගැටළුවලට පිළිතුරු සපයනවා. අදට වඩා හෙට රට යහපත් වෙවී. මේ යෝධ පියවරට සියලු දෙනා අත්වැල් බැඳගන්න පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වේ යැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya