ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගුරු හිඟයට ඉදිරි වසර දෙක තුළ ස්ථීර විසඳුමක් ලබාදෙනවා - ජනපති

    ජූලි 05, 2016

    දිවයින පුරා සියලු පළාත්වල පවතින ගුරු හිඟයට ඉදිරි වසර දෙක තුළ ස්ථීර සාර විසඳුමක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    වැලිගම නගර ශාලාවේ පැවති මාතර දිස්ති‍්‍රක් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    දිස්ති‍්‍රක්කයේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සොයා බැලීම උදෙසා ජනාධිපතිතුමා විසින් කැඳවා තිබූ මෙම රැස්වීමට මාතර දිස්ති‍්‍රක්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.

    දිස්ති‍්‍රක්කයේ වාරි මාර්ග, ජල සම්පාදන, මහා මාර්ග සංවර්ධන, සෞඛ්‍ය, අධ්‍යාපන, ධීවර, විදුලිය, නිවාස ඇතුළු සියලු ක්ෂේත‍්‍රයන්හි සංවර්ධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක කර ඇති වැඩසටහන් සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡවට ලක් විය.

    දිස්ති‍්‍රක්කය තුළ සිදු කෙරෙන අනවසර කුඹුරු ඉඩම් ගොඩකිරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කෙරිණි. එහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉඩම් ගොඩ කිරීමට ඉඩ නොතැබීම පිළිබඳ රජය දැඩි ස්ථාවරයක කටයුතු කරන අවධියක දිස්ති‍්‍රක්කයේ එවැනි කුඹුරු ගොඩකිරීම් සිදුවනවානම් ඒ පිළිබඳ සම්පූර්ණයෙන්ම ගොවිජන සේවා අධිකාරිය වගකිවයුතු බවයි.

    නිල්වලා ගඟට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය ඇතුළු සියලු අංශඟ සාකච්ඡ කර ඊට කඩිනම් විසඳුම් සොයන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම නිල්වලා ගඟ දෙපස රක්ෂිතයක් බවට ප‍්‍රකාශයට පත් කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    මාතර හක්මන මාර්ගය පුළුල් කිරීම සහ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද සාකච්ඡා විය. දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීමේදී වන සංරක්ෂණයට හානි නොවන අයුරින් එම කටයුතු සිදු කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    විශේෂයෙන්ම මාර්ග සංවර්ධන කටයුතුවල දි අදාළ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡ කර විධිමත් සැලසුම් ඔස්සේ එම කටයුතු කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

    දෙනියාය මූලික රෝහල සංවර්ධනය කිරිම පිළිබඳව ද සාකච්ඡාවට ලක්වූ අතර එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ඒ සඳහා ප‍්‍රමුඛත්වයක් ලබාදී එහි අඩු පාඩු කඩිනමින් සපුරා දෙන ලෙසයි.

    කොටවිල නගර සංවර්ධන සැලැස්ම කි‍්‍රයාවට නැංවීම සහ මාතර ගඟ බඩ උද්‍යාන සංවර්ධන කටයුතු පිළිබඳව ද සාකච්ඡා විය.

    කුඩා පරිමාණ ජල විදුලි බලාගාර හේතුවෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳද මෙහිදී කරුණු අනාවරණය කෙරුණු අතර ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා පරිසර අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය.

    දිස්ති‍්‍රක්කයේ පරිපාලන කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර මාතර දිස්ති‍්‍රක්කය තුළ ග‍්‍රාම සේවා කොට්ඨාස විශාල ප‍්‍රමාණයක් තිබීම හේතුවෙන් පරිපාලන කටයුතුවලදි මතුව ඇති ගැටලු සැළකිල්ලට ගනිමින් මාතර දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ කැකනඳුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස එය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට වෙන් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

    මාතර දිස්ති‍්‍රක්කය සියලු අංශවලින් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන් සියලුදෙනාගේ සහය ඇතිව එම කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ප‍්‍රකාශ කළේය.

    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, සාගල රත්නායක, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මාතර දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya