ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හෝමියෝපති පනත් කෙටුම්පත විවාදයට ගැනේ- හෝමියෝපති ක්‍රමය ජනප්‍රිය වෛද්‍ය ක්‍රමයක් බවට පත් කිරීමට සූදානම්

    ජූලි 05, 2016

    හෝමියෝපති වෛද්‍ය ක්‍රමය නංවාලන  ''හෝමියෝපති පනත් කෙටුම්පත'' අද (05) විවාදයට ගැණිනි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් විවාදය ආරම්භ කරමින් අඳහස් දැක්වීම සිදු කළේ ය.

     

    වසර 45කට පසුව පනතක් ගෙන එන්නේ. හෝමියෝපති ක්‍රමය වර්ධනය කිරීම, ලියාපදිංචි ක්‍රමය, හෝමියෝපති අධ්‍යාපන ක්‍රමය දියුණු කිරීම, ඖෂධ හා නිෂ්පාදනවල ප්‍රමිතිය වර්ධනය කිරීම සිදු වෙනවා.

    වෛද්‍ය සභාවක් නැතිව තිබෙන්නේ. අතුරු පාලක කමිටුවක් තිබෙන්නේ. වසර 45කටම සංශෝධනයක් නෑ. පර්යේෂණ හා අනෙකුත් දියුණු කිරීමක් සිදු ව නෑ. පළමු රෝහල වැලිසර පිහිටුවනු ලැබුවා.විශාල පිරිසක් රෝගීන් පැමිණෙනවා. ප්‍රතිකාර තිබෙනවා සියලු රෝගවලට.හෝමියෝපතිවල ලබාදෙන ඖෂධවලින් ස්වාභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. ස්වාභාවික ඖෂධ තිබෙන්නේ.

    හෝමියෝපති මහජන සෞඛ්‍ය වර්ධනය, හෝමියෝපති ආයතන නියාමනය, වෛද්‍ය වෘත්තීය යෙදීම වර්ධනය කිරීම, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිගැනීම,පාඨමාලා පිළිබඳ ප්‍රමිති සැකසීම මෙහි පරමාර්ථ වෙනවා.

    එදා රජයට බැදීමක් තිබුණේ නෑ. නව පනත  මඟින් ස්ථාපිත  වෛද්‍ය සභාවේ කාලය වසර දෙකයි.හෝමියෝපති වෛද්‍යවරු ලෙස විභාග ක්‍රමයකින් වෛද්‍යවරු ලෙස කටයුතු කිරීමට අවස්ථාව සළසා දෙනවා. අද මේ රටේ පවතින නොයෙක් වෛද්‍ය ක්‍රම දියුණු කරලා,අවබෝධයෙන් ඉදිරියට ගෙන යැම  ඉතාම වැදගත්.

    අපි විවෘත මනසකින් මේ දෙස බලන්න අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙනවා. එන වසරේ මැද දී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේ සියලු විකල්ප වෛද්‍ය ක්‍රම ගැන උනන්දුවක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ තව තවත් අවබෝධයක් ලබාගත යුතුයි. ඒ නිසා හෝමියෝපති වෛද්‍ය සභාව පිහිටුවලා, හෝමියෝපති ක්‍රමය ජනප්‍රිය වෛද්‍ය ක්‍රමයක් බවට පත් කිරීමට සූදානම්  යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya