ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රේගු පනත පිළිබඳව වැරදි මතයක් ගෙන යාමට උත්සහ කරනවා

    ජූලි 05, 2016

    රේගු ආදායම වැඩි කිරීම කටයුතු කරන බවත් රේගුවට ගෙන එන පනත පිළිබඳව වැරදි මතයක් ගෙන යාමට උත්සහ කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    එක්ස් රේ යන්ත්‍ර සවි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විමසූ වාචික පැනයට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා අද (5)පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය

     

    ශ්‍රී ලංකා රේගුව සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ස්කෑන් යන්ත්‍ර(එක්ස් කිරණ යන්ත්‍ර) පහක් මිලදී ගැනීමට කැබිනට්  අනුමතිය ලැබී තිබෙනවා. රජය මෙම යන්ත්‍ර පහ සඳහා රුපියල් බිලියන 2800ක් වැයවන බවද නව ස්කෑන් යන්ත්‍ර විවෘත ටෙන්ඩර් කැඳවීමක් මඟින් මිලදී ගන්නා බවත් එම නවීන යන්ත්‍ර වල‍ට සි. සි. ටී. වී කැමරා පද්ධතියද ඇතුළත් වන බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    රටතුළ මෙන්ම රේගුව තුළද පිරිසිදු පාලනයක් ඇතිකිරීම මෙන්ම රේගු ආදායම වැඩිකිරීමට රජය අපේක්ෂා කරනවා. 2014 වසරේදී රුපියල් බිලියන 385ක් වූ රේගු ආදායම මෙම වසරේදී රුපියල් බිලියන 7000 දක්වා වැඩිකිරීමට කටයුතු කරනවා.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා, රේගුවට අලුත් පනතක් ඉදිරිපත් කරන්නේ, සෑම දෙනාටම සාකච්ඡා කරන්න. වැරදි මතයක් ගෙන යන්න හදනවා.මෙය විවෘතව දමන්නේ. රේගුව සමඟ සාකච්ඡා කර තිබෙනවා. එය සාර්ථකව ඉදිරියට යනවා යැයි කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya