ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අසාර්ථක වූ ව්‍යාපෘති නගාසිටුවා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා

    අගෝස්තු 09, 2016

    අසාර්ථක වූ ව්‍යාපෘති නගාසිටුවා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසී ය.

    අග්‍රමාත්‍යවරයාගේ චීන සංචාරයේ දී චීන රජය සමඟ එළැඹි එකඟතා ගිවිසුම පිළිබඳ අද (09) පාර්ලිමේන්තුවට කරුණු දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.


    මත්තල ගුවන් තොටුපල ආශ්‍රිතව විශේෂ චීන කර්මාන්ත කලාපයක්,ආරම්භ කිරීමේ ලියැවිල්ල සභාගත කරමින් එසේ පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, යහපාලන රජය සියලු කරුණු පාර්ලිමේන්තුවට හෙළි කරමින් විනිවිදභාවයකින් කටයුතු කරන බවද පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අසන ලද පැනයකට පිළිතුරු ලබාදුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

    චීන හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියට එකඟතා ගිවිසුමක් තිබෙනවා.  පසුගිය රජයේ අසාර්ථක ව්‍යාපෘති නැවත ජාතික ආර්ථිකයට බද්ධ කර එමඟින් පසුගිය රජය ලබාගත් ණය ගෙවාදැමිය හැකි ආකාරයේ ඵලදායී වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යනවා.

    නව රජය, නිර්දේශයන්ට අනුකූලව, මෙම ව්‍යාපෘති නීත්‍යාණුකූලව ආරම්භ කරන බවත් ඒමඟින් පරිසරයට, රටේ ආර්ථිකයට සුදුසු ආයෝජනයන් කර තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කරන පරිසරයක් නිර්මාණය කරන බවද ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya