ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නීතිය සැමට පොදු විය යුතුයි - ජනපති

    අගෝස්තු 13, 2016

    සැකකරුවන්ලෙස රිමාන්ඩ් භාරයට පත්වීමෙන් පසු වරප‍්‍රසාද ලත් එක්පිරිසකට පමණක් සිර ගෙදරින් රජයේ රෝහලක ගෙවන වාට්ටුවක් වෙන්වීම කොතෙක් දුරට සාධාරණ දැයි පොදු ජනතාව තමාගෙන් ප‍්‍රශ්න කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති 2016 ආසියා නීති සමුළුවේ සමාරම්භක උත්සවය අමතමිනි.

    ආසියා ශාන්තිකර නීති සමුළුව පිහිටුවාවසර 50 ක් පිරෙන ස්වර්ණ ජයන්ති උත්සවය ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන අතර ඒ හා සමගාමීව පැවැත්වෙන නීති සමුළුව අද (13) හෙට (14) සහ අනිද්දා(15) තෙදින කොළඹදී පැවැත් වේ.

    මෙම සමාරම්භක උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක විය යුතු බවත්, රටේ නීතිය ස්වාධීනව හා අපක්ෂපාතීව කි‍්‍රයාත්මක වීම ජනතාව අපේක්ෂා කරන බවත්ය.

    රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එම රටේ නීතිය ශක්තිමත් කිරීමේ ප‍්‍රබල සාධකය බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමේදී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන අංශ තුනම සිය වගකීම් සහ යුතුකම් මැනවින් ඉටු කළ යුතු බවද කියා සිටියේය.

    නීතියේ විසඳුම් ප‍්‍රමාදයකින් තොරව පොදු ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සකස් කරමින් පවතින බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

    සකස් වෙමින්පවතින නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටේ නීතිය සුරකින මානව සමාජය පෝෂණය කරන හා සුරක්ෂිත කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ජෝන් අමරතුංග, චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන් ද අගවිනිසුරු ඇතුළු දෙස්වි දෙස් නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් ද නීති සමුළුවේ සම සභාපති උපුල් ජයසූරිය මහතා ඇතුළු එහි සාමාජිකයින්ද එක්ව සිටියහ.

    ආසියා ශාන්තිකර නීති සමුළුව පිහිටුවා වසර 50ක් පිරෙන ස්වර්ණ ජයන්තිය පැවැත්වීමට ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති බව නොබෝදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් විණි.


    අද දින පැවැත්වෙන නීති සමුළුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ආසියා ශාන්තිකර නීති සමුළුවේ සභාපති සුසාන්ත් කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00ට ආරම්භ වේ.

    නීති සමුළුවේ සම සභාපති උපුල් ජයසූරිය මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ නීති සමුළුව මීට පෙර මෙරට පැවැත්වීමට විදේශ රටවල් එකඟ නොවූ බවද නව රජය යටතේ පැවැත්වීමට එකඟ වූ බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya