ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යය සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට භාරදෙයි

    අගෝස්තු 19, 2016

    ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත‍්‍ර වූ ශී‍්‍ර ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සළකන මහනුවර ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ උදෙසා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා එය සාර්ථකව නිමකිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය සාම්ප‍්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් ඊයේ (18) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

    පෙරහැරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහ දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප‍්‍රධාන දොරටුව අභියස දී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.

    අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප‍්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ලෝකයේ කිසිදු ධනවත් රටක නොමැති සදාචාරයක් අපේ රටට හිමිවූයේ බෞද්ධ දර්ශනය සමඟ ගොඩනැගුණු අභිමානවත් සංස්කෘතිය නිසා බවයි.

    එම සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කර ගනිමින් අපේ රට ලෝකයේ යහපත් රටක් ලෙස ඉදිරියට ගෙන යාමට සියලූදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    බියෙන් සැකෙන් ජීවත්වන කලබලකාරී ලෝකයාට අපට ලබාදිය හැකි උතුම්ම දායාදය ථෙරවාදී බුදුදහම බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත සාම්ප‍්‍රදායානුකූලව තිලිණ හා සම්මාන ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya