ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වංචාවට, දුෂණයට, නාස්තියට හා හොරකමට ඔටුනු පැළඳු අයට නැවත මේ රටේ පාලනයකට ඉඩක් නෑ

    අගෝස්තු 21, 2016
    වංචාවට, දුෂණයට, නාස්තියට හා හොරකමට ඔටුනු පැළඳු අයට නැවත මේ රටේ පාලනයකට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
     
    සුන්දර සංවර්ධනයක් පිළිබඳ කථා කරමින් පසුගිය රජය කෝටි නව ලක්ෂයක ණය බරක් සමඟ රට ඇද දැමූ ආර්ථික අර්බුදයෙන් ඒකාන්තයෙන්ම රට ගොඩගැනීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා සමග එක්ව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පසුගිය දින මාතර සනත් ජයසූරිය කි‍්‍රඩාංගණයේ පැවති සම්මුතිවාදී ආණ්ඩුවේ වසර පහක ඉදිරි ගමනේ පළමු සැමරුම් උත්සවය අමතමිනි.
     
    සැබෑ නොවන සිහින දකිමින් ආණ්ඩුව වෙනස් කිරීමට කවුරුන් කෙසේ උත්සාහ දැරුවත් එම අරමුණු ඉටු කර ගත නොහැකි බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ශක්තිමත්, ජාති හිතෛෂි ගුණවත් හා නැණවත් දේශපාලන ඥානයකින් යුතුව සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවත් එහි ඉදිරි ගමන 2020 දී තීන්දු කරන බවත් ප‍්‍රකාශ කළේය.
     
    දේශපේ‍්‍රමින් ලෙස කෑ ගසන බොහෝ අයට වඩා තමන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ රටට ආදරය කරන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ලෝකයේ කිසිදු රටකට හෝ බලවේගයකට රට යටත් කර ගැනීමට ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.
     
    මානව හිමිකම් කොමිසන් සභාවේ යෝජනා කි‍්‍රයාත්මක කරමින් එම ගැටලු නිරාකරණය කර ගැනීමට රජය කටයුතු කරන විට ඒවා විවේචනය කරමින් ඇතැමුන් ඉතා අසත්‍ය ප‍්‍රචාර ගෙන යන බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එසේනම් එම යෝජනා කි‍්‍රයාත්මක කිරීමට අදාළ විකල්ප විසඳුම් රජයට ඉදිරිපත් කරන ලෙස තමා ඔවුන්ට යෝජනා කරන බව ද කියා සිටියේය.
     
    උතුරේ හෝ දකුණේ කිසිදු පුරවැසියෙකුට නැවත ආයුධ අතට ගැනීමට අවශ්‍යතාවක් නොමැති දේශපාලන පදනමක් සහිත ශක්තිමත් සංහිඳියා වැඩපිළිවෙළක් වත්මන් රජය රට තුළ ගෙන යන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    වංචා දුෂණ සිදු කළ අයට දඩුවම් ලබා දෙමින් වංචාව දුෂණය සහ අක‍්‍රමිකතාවය පිටු දකිමින් සම්මුතිවාදී ආණ්ඩුව පිරිසිදු දේශපාලන ගමනක නිරතවන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රජය තුළ සිටින කිසිවෙකු වංචා, දුෂණ සිදු කරන බවට පැහැදිළි තොරතුරු අනාවරණය වුවහොත් ඔවුන්ට පසුගිය රජයේ වංචා දුෂණ සිදුකළ පුද්ගලයින්ට වඩා දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.
     
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ සම්මුතිවාදී රජයේ මැති ඇමතිවරු මෙම සැමරුම් උළෙලට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya