ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හිටපු අමාත්‍ය එම්.කේ.ඩි.ඒ.එස් ගුණවර්ධන මහතා යහපාලනය ගොඩනගන්න කැපවුණා

    අගෝස්තු 26, 2016

    අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය එම්.කේ.ඩි.ඒ.එස් ගුණවර්ධන මහතා යහපාලනය ගොඩනගන්න කැප වූ බවත් එදා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කරන මතවාදය ඉදිරියට ගෙන ගිය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය එම්.කේ.ඩි.ඒ.එස් ගුණවර්ධන මහතා පිළිබඳව ශෝක  යෝජනාව අද (26) පාර්ලිමේන්තුවේ දී විවාදයට  ගත් අවස්ථාවේ ඊට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

     

    අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය එම්.කේ.ඩි.ඒ.එස් ගුණවර්ධන මහතා තම රැකියා දිවිය ආරම්භ කළේ ඉඩම් නිලධාරියෙකු ලෙසයි. එතුමාගේ දිවිය අවසන් කළේ ඉඩම් අමාත්‍යවරයා ලෙසයි.එතුමා 1989 දී පාර්ලිමේන්තුවට පැමිණියා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස එදා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කරන මතවාදය ඉදිරියට ගෙන ගියා.

     

    එතුමා නැඟෙනහිර පළාත් වෙනුවෙන් කතා කළා. සේරුවිල ආසනය ගැන කතා කළා. එතුමා දක්ෂ ඇමැතිවරයෙක්.  මේ රටේ විප්ලවයක් කරන්න එතුමා එකතු වුණා. එතුමා යහපාලනය ගොඩනගන්න කැපවුණා. එවකට තිබූ පාලනය ගැන ප්‍රශ්නයක් එතුමාට තිබුණා.මට කීපවරක් කතා කළා.

     

    පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, ළඟින් සිටි පුද්ගලයෙක් එම්.කේ.ඩි.ඒ.එස්  ගුණවර්ධන මහතා. එතුමා අපිට විශාල ශක්තියක් බවට පත් වුණා.එතුමාට ජාතික ලැයිස්තුවෙන් පත් වෙන්න ආරාධනා කළා. එතුමා මා ගිය හැම රැස්වීමකම සිටියා. පුදුම කැපවීමක් තිබුණා. එතුමා කළ සේවය මෙනෙහි කළ යුතුයි. එතුමා නොමැතිවීම අපට පාඩුවක් බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya