ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනපතිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ සම්මානයක්

    සැප්තැම්බර් 06, 2016

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා සම්මානයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිදුම් ලබයි.

    මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිදුකරන සුවිශේෂි මෙහෙවර සහ දායකත්වය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත මෙම සම්මානය පිරිනමා තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා අචාර්ය Poonam Khetrapal singh මහත්මිය ඊයේ (05) ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා වෙත මෙම සම්මානය නිල වශයෙන් පිළිගැන්වූවාය.

    මද්‍යසාර, දුම්කොළ හා නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය ක‍්‍රමානුකූලව අඩු කිරීමෙන් ඒවා භාවිතයෙන් වන හානිය අවම කර සියලූ ශී‍්‍ර ලාංකිකයින්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම තහවුරු කිරීමට ගෙන යන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ, වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙළ, සංක‍්‍රමණිකයින්ගේ සෞඛ්‍යය තහවුරු කිරීම ඇතුළු පියවර රැුසක් මෙහිදී ඇගයීමට ලක්ව තිබේ.

    සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් දක්වන සහ කාර්ය භාරයක් ඉටු කරන පුද්ගලයින් වෙනුවෙන් වාර්ෂිකව මෙම සම්මානය පිළිගන්වනු ලබයි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙම සම්මානය ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය නගා සිටුවීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට ලැබුණු නව දිරිගැන්වීමක් බවයි.

    සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලූදෙනා සමඟ එක්ව ලබාගත් මෙම විශිෂ්ටත්වයේ ගෞරවය ඔවුන් සියලූදෙනා සමග මෙන්ම සමස්ත ශී‍්‍ර ලාංකිකයින් සමග බෙදා හදා ගන්නා බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සමුළුව මෙම දිනවලදී කොළඹදී පැවැත්වෙන අතර රටවල් 14 ක සෞඛ්‍ය අමාත්‍යවරු, නියෝජිතයින් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විද්වතුන් ඊට එක්ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya