ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි මැතිවරණවලදී නව පරපුරට වැඩි ප්‍රමුඛතාවක්

    සැප්තැම්බර් 07, 2016

    ඉදිරි මැතිවරණවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ නව පරපුරට වැඩි ප‍්‍රමුඛත්වයක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    එමෙන්ම ජනතාවට විශ්වාසී මෙන්ම පොදු ජන හද ගැස්ම හඳුනන ජනතාවාදී පක්ෂයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩනඟමින් එය ඉදිරි මැතිවරණවලදී ජයග‍්‍රහණය කරවන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන කාර්යාලය ඊයේ (06) විවෘත කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

     

    උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ ලබන වසරේ මැද භාගයේ පැවැත්වෙන අතර එම මැතිවරණවලට මෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණවලට ද ජයග‍්‍රාහීව මුහුණදිය හැකි අයුරින් පක්ෂය ශක්තිමත් කරන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    අද රට තුළ නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය මතුව තිබෙන්නේ පසුගිය දශක කිහිපය තුළ දේශපාලනඥයා තමා විසින්ම තම ප‍්‍රතිරූපය කෙළෙසා ගැනීම නිසා බවද පැවසූ ජනාධිපතිතුමා ඇතැම් දේශපාලනඥයින් බලය භාවිතා කරමින් බරපතළ වැරදි සිදු කළ අතර ඒවා ජනතාවට රහසක් බව ඔවුන් සිතුව ද ඒවා ජනතාව හඳුනාගෙන සිටි බව  කියා සිටියේය.

     

    දේශපාලනයට පැමිණ කිසිවෙකු සැප විඳීමට අපේක්ෂා නොකළ යුතු බවත් එවිට ඔවුන් ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වන බවත් පැවසූ ජනාධිපතිතුමා කිසිවිටෙකත් දේශපාලනඥයා තනි මතයට වැඩ නොකළ යුතු බව ද අවධාරණය කළේය.

     

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවූ කෝට්ටේ ආසනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට සමරු තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, කෝට්ටේ ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක ජනක රණවක යන මහත්වරුන් ඇතුළු නාගරික මන්ති‍්‍රවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya