ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 09, 2016
    ශී‍්‍ර ලාංකේය සාහිත්‍ය ක්ෂේත‍්‍රය තම නිර්මාණ දායකත්වයෙන් පෝෂණය කළ ලේඛක ලේඛිකාවන් අගය කරමින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමෙන "රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවය 2016" ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 
     
    59 වන වරටත් පවත්වන ලද මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී 2015 වර්ෂයේ සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි භාෂාවලින් ලියා පළකරන ලද විශිෂ්ටතම නවකතාව, කෙටිකතා සංග‍්‍රහය, පද්‍ය සංග‍්‍රහය, ගී පද මාලා සංග‍්‍රහය, නාට්‍ය කෘති, යොවුන් සාහිත්‍ය කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති,  විද්‍යා ප‍්‍රබන්ධ කෘති, විවිධ විෂය ශාස්තී‍්‍රය හා පර්යේෂණ කෘති සඳහා සම්මාන පිරිනැමිණි. 
     
    මීට අමතරව ශී‍්‍ර ලාංකේය සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අනුපමේය සේවයක් කළ පණ්ඩිත් සිරි තිලකසිරි, ආචාර්ය එස්. ජෙබනේෂන් රදගුරු හිමිපාණන් හා මහාචාර්ය මර්ලින් පීරිස් යන ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදිහු තිදෙනාට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන  "සාහිත්‍යරත්න" ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූහ.
     
    ප‍්‍රවීණ සාහිත්‍යවේදින්ගේ ලිපි ඇතුළත් "සාහිත්‍ය විශේෂ කලාපය" ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. 
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් හා කලාකරුවන්, සාහිත්‍යවේදින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya