ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    එ.ජා.ප. 70 සංවත්සර උළෙලේ ප්‍ර‍ධාන ආරාධිතයා ලෙස ජනපති එක්වෙයි

    සැප්තැම්බර් 10, 2016

    "කිසිඳු විදේශ බලවේගයකට දේශයේ ස්වාධිපත්‍ය හා ජනතාවගේ පරමාධිපත්‍ය යටත්කර ගැනීමට ඉඩ නොතබමි” යන්න අද එක්සත් ජාතික පක්ෂයේත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේත් එකම සටන් පාඨය බවත්  එම සටන් පාඨය තුළ එකම වේදිකාවක සිට ගනිමින් මේ රට ගොඩනැගීමට  එක්සත් ජාතික පක්ෂයටත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයටත් හැකියාව තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (10) බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

     

    "අලුත් රටක  ඉදිරියට යන්න හිතන අය එන්න” තේමාව යටතේ අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සංවත්සර උත්සවය ආරම්භ කෙරිණි.

     

    මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාව නව රජයට ඡන්දය ලබාදුන්නේ රටට ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයේ තිබූ කරුණු නිසා බව  මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අද මේ රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම ප‍්‍රධාන මහජන සේවකයා ලෙස එම කරුණු ඉටු කිරීමට තමා දිවි හිමියෙන්ම කැපවී සිටින බව ද අවධාරණය කළේය.

     

    2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව ප‍්‍රතික්ෂේප කළ දූෂණය, වංචාව, හොරකම, නාස්තිය හා පවුල්වාදය නැවත මේ රටේ ඇති නොවන ආකාරයට නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම ජාතික සංහි`දියාව ශක්තිමත් වූ රටක් ගොඩනැඟීමට සම්මුතිවාදී ආණ්ඩුව තුළ කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    බලයක් නොමැතිව කරන විවේචන සමග බොහෝ සරල දේ පැවසිය හැකි නමුත් රටේ වගකීම දරන පිරිස ලෙස රටට අවශ්‍ය සියලු පරිවර්තනයක් සිදු කිරීමට නව රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

     

    සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සාධාරණ වූ සියලූදෙනාට පිළිගත හැකි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කරන බව ද පැවසූ ජනාධිපතිතුමා එහිදී නොයෙකුත් විවේචන එල්ල වන බවත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ජනතාව නොමග යවන අසත්‍ය ප‍්‍රචාර සඳහා මාධ්‍ය තුළ ඉඩක් ලබා නොදෙන ලෙස සියලු මාධ්‍ය ආයතනවලින්  ඉල්ලා සිටින බවත් ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya