ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වත්මන් රජයේ ප්‍ර‍තිපත්තිය කෘෂිකාර්මික රටක් ගොඩනැගීමයි - ජනපති

    සැප්තැම්බර් 12, 2016

    28 වන මහවැලි කී‍්‍රඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11) මහවැලි සී කලාපයේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

    මහවැලි ගොවි පවුල්වල දරුවන්ගේ කී‍්‍රඩා කුසලතා වර්ධනය කෙරෙන මහවැලි කී‍්‍රඩා උළෙල මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් දෙදිනක් පුරා පැවැත්වුණු අතර මහවැලි කලාප 10 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1500 ක් පමණ ඊට සහභාගී වූහ.

     

    කී‍්‍රඩා උළෙලේ දක්ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තිලිිණ හා සම්මාන ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    කී‍්‍රඩා උළෙලේ ජනාධිපති ශූරතාවය ලකුණු 86 ක් ලබා ගනිමින් මහවැලි “එච්” කලාපය දිනාගත් අතර අනුශූරතාවය ලකුණු 84 ක් ලබාගත් මහවැලි “බී” කලාපයට හිිමි විය.

     

    අදාළ ජය සංකේත ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර කී‍්‍රඩා උළෙලේ දක්ෂතම කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවට ද ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමිනි.

     

    28 වන මහවැලි කී‍්‍රඩා උළෙලට සමගාමීව පැවති පෝස්ටර් තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    කී‍්‍රඩා උළෙල ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මහවැලි කලාපවල තරුණ තරුණියන්ගේ හෙට දවස වෙනුවෙන් නව වැඩසටහන් රැසක් වත්මන් රජය යටතේ ආරම්භ කරන බවයි.

     

    ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් කෘෂිකාර්මික රටක් ලෙස රට නඟා සිටුවීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බවද පැවසූ ජනාධිපතිතුමා 2017 වර්ෂය මේ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ වර්ෂය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති බවත් ඒ යටතේ කෘෂිකර්මාන්තයේ විප්ලවීය පරිවර්තනයක් සඳහා වූ ගමන ලබන වසරේ අරඹන බවත් කියා සිටියේය.

     

    මහවැලි කලාපයේ ජීවත්වන තරුණ තරුණියන්ගේ කී‍්‍රඩා කුසලතා වැඩි දියුණු කිරීම, ඔවුන් පුහුණු කිරීම, ජාතික හා ජාත්‍යන්තර මට්ටමට හ`දුන්වාදීම, මහවැලි කලාප තුළ සමගිය, සහයෝගය ඇති කිරීම හා අත්දැකීම් බෙදා ගැනීම වැනි කරුණු අරමුණු කර ගනිමින් හිටපු ඇමතිවරයෙකු වූ ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයක් අනුව 1986 වසරේ දී මහවැලි කී‍්‍රඩා උළෙල ආරම්භ කෙරිණි

     

    මේ තුළින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 100 කට ආසන්න පිරිසක් බිහිකිරීමට හැකියාව ලැබී තිබේ.

     

    අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද සමාප්ති උත්සවයට එක්ව සිටියහ.

     

    මේ අතර දෙහිඅත්තකණ්ඩිය නගර මධ්‍යයේ ඇති අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා අනතුරුව දෙහිඅත්තකණ්ඩිය නගරයේ “අනගාරික ධර්මපාල මාවත” විවෘත කිරීමට ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya