ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සිරකරු දින කොඩි සතියේ ප්‍රථම කොඩිය ජනපතිට

    සැප්තැම්බර් 13, 2016

    සිරගතවන්නන්ගේ සුබ සාධනය අරමුණු කර ගනිමින් සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් ප‍්‍රථම කොඩිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළැඳවීම අද (13)  ජනාධිපති නිල නිවසේදී සිදු කෙරිණි.

    ජනාධිපතිතුමා වෙත කොඩිය පළඳවනු ලැබුවේ ශ‍්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ සභාපති පී.ඒ. කිරිවන්දෙණිය මහතා විසිනි.

    බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ‍්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමය විසින් සෑම වසරකම මෙම කොඩි සතිය පවත්වනු ලබයි.

    සිරකරුවන් උදෙසා සෞඛ්‍ය වෛද්‍ය සායන, ඇස් කන්නාඩි ලබා දීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු වැඩසටහන් ද සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප‍්‍රජා සත්කාර දියත් කිරීම ද මෙමගින් සිදුවේ.

    මේ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ, එම සංගමයේ උප සභාපති විශ‍්‍රාමලත් බන්ධනාගාර කොමසාරිස් ලයනල් වීරසිංහ, සම්පත් දායිකාවක වන චූලා සමරවික‍්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු විධායක සභිකයින් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya