ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මහා නා හිමිවරුන්ගේ අවවාද, අනුශාසනා ඇතිව විහාර දේවාලගම් පනත ඉදිරිපත් කරනවා - ජනපති

    ඔක්තෝබර් 05, 2016

    මහා සංඝරත්නය අතරේ අසමගියක්, ගැටුමක් හෝ විවාදයක් ඇති නොවන අයුරින් සියලුම ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ අවවාද, අනුශාසනා ඇතිව විහාර දේවාලගම් පනත ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    පනත ඊටේ සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය දින කිහිපය තුළ ඇතිවූ විවාදාත්මක තත්ත්වය හේතුවෙන් එය තවදුරටත් ඉදිරියට කල් දමන ලෙසත්, නැවතත් සියලුම මහා නා හිමිවරුන්ගේ උපදෙස් ලබා ගනිමින් එය ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් තමා බුද්ධ ශාසන අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනාධිපතිතුමා බව ප‍්‍රකාශ කළේ පේරාදෙණිය, ගොඩගන්දෙණිය, ඓතිහාසික කුරුකුදේ පුරාණ විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ස`දහා මංගල ශිලා ප‍්‍රතිස්ථාපනය සහ අභිනව සම්බුද්ධත්ව ජයන්ති ධර්ම මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (04) එක් වෙමිනි.

    අද අපේ රට ලෝකයේ වැදගත් ස්ථානයක තිබෙන්නේ අපේ රට ථෙරවාදි බුදුදහම පිළිබඳ මධ්‍යස්ථානයක් නිසා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටුකළ යුතු සියලු වගකීම් ඉටු කිරීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම තම රජය කැපවී සිටින බව ද කියා සිටියේය.

    අද ඇතැම් උදවිය විවිධ මාධ්‍ය ඔස්සේ ඉතා අසත්‍ය මෙන්ම පිළිකුල් සහගත ප‍්‍රකාශ නිකුත් කරමින් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සම්බුද්ධ ශාසනයේ උතුම් කේන්ද්‍රස්ථානවන අස්ගිරි, මල්වතු පාර්ශවයන් ගැන කරන ප‍්‍රකාශ පිළිබඳව තමා දැඩිව කණගාටු වන බව ද කියා සිටියේය.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය පොලොන්නරුවේ සුමනසාර නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසූ අතර අනතුරුව පුණ්‍යෝත්සව සඳහා එක් විය.

    අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ අතර පුලතිසිපුර ගොවි පුතෙකු වූ මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද රට වෙනුවෙන් ඉටු කරන සුවිශේෂි කාර්ය භාර්ය උන්වහන්සේගේ පැසසුමට ලක් විය.

    මතට ඇබ්බැහිවූවන් ඉන් නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෙන යන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට මෙන්ම ළමා අපචාරවලට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ අගය කළ උන්වහන්සේ ඒ සඳහා දාකයවීම සියලූ පාර්ශවයන්ගේ වගකීම බවද අවධාරණය කළේය.

    මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න යන මහත්ම මහත්මින් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya