ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රටේ අපනයනය වැඩි කිරීමට කටයුතු කරනවා

    ඔක්තෝබර් 05, 2016

    රටක ආර්ථිකය දියුණු වී තිබෙන්නේ වෙළඳපොළ විවෘත කිරීමෙන් බවත් අනාගතයේ දී රටේ අපනයනය වැඩි කිරීමට කටයුතු කරන බවත් විශාල ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහන රැසක් ලබාදී ති‍බෙන බවත් ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.


    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වන විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අපනයන විශාල ‍ලෙස අප‍ගේ පහත වැටුණා පසුගිය කාල‍යේ. මම සහභාගීවුණා ඔක්ස්ෆඩ් විශ්විද්‍යාල‍යේ වැඩමුළුවකදී එහිදී මහාචාර්යවර‍යෙක් කිව්වා 80 දශක‍යේ ශ්‍රී ලංකා‍වේ   තිබු‍ණේ සිහින ආර්ථිකයක් හා විශාල ආර්ථිකයක් බව. නමුත් පසුගිය දශක ‍දෙක තුළ විශාල ‍ලෙස අපනයනය පහත වැටී ති‍බෙනවා. ‍ලෝක ‍වෙළඳප‍ළේ අ‍පේ අපනයන මීට වසර දහයකට ‍පෙර 0.09යි. එය ‍මේ වන විට තවත් පහත වැටිලා. නමුත් ‍මෙම තත්ත්ව‍යෙන් නගා සිටුවීමට අ‍පේ කලාපීය රටවල් සහ‍යෝගය ලබා‍දෙනවා.  පසුගිය ආණ්ඩුව ව‍ගේ අපි පිටරටසවාරි යන්‍‍නේ නැහැ.  

    අපි මැදි ආදායම් රටක් ‍ලෙස දැන් ආධාර  ‍දෙන්‍ ‍නේ නැහැ. අපිට ජී.එස්. පී. සහනය ලැබෙනවා. ‍පෙබරවාරී මාර්තු ‍වෙනවිට ‍මෙය ලැ‍බෙයි. නමුත් එය තවත් අවුරුදු හතකින් අටකින් විතර වැ‍ටෙයිත ‍මොකද අ‍පේ ආදායම වැඩි ‍වෙනවිට ඔවුන් ඒ ආධාර දෙන්‍‍නේ නැහැ.චීනය, ඉන්දියාව හා තායිලන්තය සමඟ අපි ගිවිසුමක් අත්සන් කරන් බලා‍පො‍රොත්තු ‍වෙනවා. අ‍මෙරිකාවත් එක්කත් අපි ගිවිසුමක් ඇති කර ගැනීමට බලා‍පො‍රොත්තු ‍වෙනවා. ‍මේ ආර්ථිකයන් දියුණු ‍වෙලා ති‍බෙන්‍ ‍නේ ‍වෙළඳපළවල් විවෘත කිරීම තුළින්. හම්බන්‍තොට වරාය ‍කොළඹ වරයා, හා ත්‍රීකුණාමල වරාය අපිට ආර්ථිකය නගාසිටුවිය හැකියි. පසුගිය ආණ්ඩුව හම්බන්‍තොට වරාය හා ගුවන්‍තොටුපළ ඉදි ක‍ළේ ආණ්ඩු‍වේ වියදමින් කර‍ගෙන යන්න. අප දැන් එය ‍වෙනත් අංශයකට දීලා ර‍ටේ ආර්ථිකයට යොදා ගන්නවා. නැතිනම් විශාල ණය ප්‍රමාණයක් අපිට දිගු කාලයක් ‍‍ගෙවන්න සිදු ‍වෙනවා.  

    චීනය හා ලංකාව එකතු ‍වෙලා ගුවන් තොටුපළ හා වරයා දියුණු කරන්න කටයුතු කළා. එයින් ලැ‍බෙන ‍දේවල් ‍සෞඛ්‍ය, උධ්‍යාපනය නගා සිටුවීමට අපි කටයුතු කරනවා. අක්කර15,000ක වගාවන් ඇති කිරිමට අපට නිෂ්පාදන ආර්ථිකය දියුණු කළ හැකියි.  ඒ නිසා අපිට රටවල් කියා ති‍බෙනවා විවිධ නිෂ්පාදන ආරම්භ කරන්න කියා. ‍මේ කර්මාන්ත පුරයට ගල් අඟුරු බලාගාරයක් ඇති කරන්න බැහැ. එහිදී අපි හම්බන්‍තොට හා ත්‍රීකුණාමලයට ‍මෙගා‍වොට් 500 ගෑස් බලාගාර ‍දෙකක් ඉදිකිරිමට අපි බලා‍පො‍රොත්තු ‍වෙනවා. ත්‍රීකුණාමලය වරායත් දියුණු කිරීමට අපි ආ‍යෝජක‍යො ‍ගේනවා. ත්‍රීකුණාමල‍යේ සිනි පිරිපහදුවක්, සි‍මෙන්ති පිරිපහදුවක් ඇති කිරීමට ඇති කරනවා. අපි කිසිදු ආය‍‍යෝක‍යෙකු‍ගෙන් ‍කොමිස් මුදල් ඉල්ලන්‍ ‍‍‍නේ නැහැ. ලබන වස‍රේ ආදායම ‍ඩොලර් බිලියන 20 දක්වා වැඩි කිරිමට අප කටයුතු කරනවා. නීති‍යේ  ස්වාධිපත්‍ය අපි ස්ථාපිත කළා. එහි ප්‍රතිඵලයක් තමයි ජී ‍සෙවන් කණ්ඩායමට අ‍පේ ජනාධිපතිතුමා කැ‍‍‍දෙව්වා. ‍තොරතුරු දැනගැනී‍මේ පනත අපි ‍‍ගෙනාවා.  වසර ‍දෙකහමාරක් ඇතුළත අපි විශාල ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහන රැසක් ලබාදී ති‍බෙනවා. අඩුපාඩු ඇති ඒ පිළිබඳ අපි වි‍වේචන අපි භාරගන්නවා යැයි ද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya