ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරනවා

    ඔක්තෝබර් 07, 2016

    පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව තිබෙන බවත් ඉක්මනින් ම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද  (07) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

    පළාත් පාලන ඡන්දය කල් යාමෙන් පළාත් පාලන ප්‍රශ්න උග්‍ර වී ඇති බවට හා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ කරුණුදැක්වීමෙන් පසුව අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ ය.

     

    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා - එක්සත් ජාතික පක්ෂයට පැහැදිලි ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමටහැකි වාතාවරණයක් රටතුළ පවතින බැවින් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂයට පවතිනවා.ඉක්මනින් ම මැතිවරණයක්තියන්නයි හැමවිටම උත්සහ කරන්නේ.


    සීමා නීර්ණ කමිටුවේ කටයුතු අවසන් වූ වහාම ඡන්දය පැවැත්වීම රජයේ අරමුණ බවත් පසුගිය රජය සීමා නීර්ණ කටයුතු සිදුකරනු ලැබූවේ ආසන සංවිධායකයින්ගේ නිවෙස් වල සි‍ට බවත් සභානායක, මහාමාර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.


    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  මහතා - කතාකරන්නේ රටේ මුල්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයක්. පළාත් පාලන අධීක්ෂණය කිරීමට කොමසාරිස්වරුන් පත්කර තිබියදී හිටපු මන්ත්‍රීවරුන් අධීක්ෂණය කරනවා.එහෙම කරන්න පුළුවන්ද? මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.


    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -
    රටේ මුදල් බලය පිළිබඳ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට.හිටපු මන්ත්‍රී කියා තනතුරක් නැහැ.මුදල් පිළිබඳ කටයුතු මුදල් කමිටුවේ අනුමැතිය නොමැතිව කරන්නට බැහැ.


    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා -
    මේ සියලු දේවල් වලට විසඳුම තමයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම.කවදද ඡන්දය පවත්වන්නේ.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
    අපි විරුද්ධ නැහැ ඡන්දය පවත්වන්නට.අපටත් ඕන ඡන්දය කඩිනමින් පවත්වන්නටයි.පසුගිය රජය තමයි මැතිවරණය කඩ කඩා පැවැත්වූයේ.


    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා:-
    පළාත් පාලන ඡන්දය  කල් යන්නේ සීමා නීර්ණය නිසා කියා කියනවා.මැතිවරණ කොසමාරිස්වරයා කියනවා.වගන්නි 56 ක් හදන්න තිබෙන බවට. මෙයට එකම විසදුම ඡන්දය පැරණි ක්‍රමයට පැවැත්වීමයි.නව ව්‍යවස්ථා සම්පාදනයේදී අලුත් ක්‍රමය ඇතුල් කරන්න.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-
    සීමා නීර්ණ කටයුතු ආසන සංවිධායකවරුන්ගේ ගෙවල් වල කරල හිතවතුන්ට ඕන විදිහට සීමා නීර්න කරපු නිසයි  ඡන්ද කල් දාන්න වෙන්නෙ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගුණවර්ධන මහතා:-
    පාර්ලිමේන්තුව එය සම්මත කළේ ඒකත් ඡන්දයෙන්.එක් එක් අයට චෝදනා කරන්න එපා.

    කතානායක කරූ ජයසූරිය මහතා -
    මෙහිදි යමක් කිව යුතුයි.එවකට ඇමතිවරයා ලෙස පළාත් පාලන නීර්ණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරල අඩුපාඩු තිබුන නිසා අපි තවත් අවස්ථාව දුන්නා එය නිවැරදිකරන්නට.ඉන් පසුව අපි එය සම්මත කළා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya