ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ‍්‍රී ලංකාව ලබා ඇති වේගවත් සංවර්ධනය යුරෝපා සංගමයේ පැසසුමට

    ඔක්තෝබර් 14, 2016

    ඉතාම කෙටි කාලයක් තුළ නව රජය යටතේ ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති වේගවත් සංවර්ධනය පිළිබඳව තමා ඉතා සතුටට පත්වන බව යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකාව සඳහා වූ නව තානාපති Tung-Lai margue මහතා පැවසීය.

    ඒ මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදෙමින් මේ බව සඳහන් කළේය.

     

    රට තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා ගෙන ඇති උත්සාහයන්ට යුරෝපා සංගමයේ පූර්ණ සහය පිරිනමන බව ද නව තානාපතිවරයා ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළේය.

     

    යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමග ශ‍්‍රී ලංකාවේ ඇති සමීප සබඳතා සිහිපත් කළ ජනාධිපතිතුමා, යුරෝපා සංගමය සමග වෙළෙඳ සහ ආයෝජන ඇතුළු සියලු අංශයන්හි පවතින සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට නව තානාපතිවරයා කටයුතු කරනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

     

    එමෙන්ම ශ‍්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම පිළිබඳව ද සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා එමගින් මත්ස්‍ය අපනයනය ඉහළ නංවා ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවන බව ද කියා සිටියේය.

     

    තව ද ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇඟලුම් අපනයන වලින් විශාල දායකත්වයක් ලැබෙන බැවින් යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාවට GSP + සහනය ලබාදීමට කටයුතු කරන්නේ නම් එය ඇඟලුම් ක්ෂේත‍්‍රයේ වර්ධනයට ප‍්‍රබල පිටිවහලක් වනු ඇතැයි ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

    ඊයේ (13) කොළඹ පැවති අපනයන ප‍්‍රදර්ශනය නැරඹීමට ගිය අවස්ථාවේදී ඉදිරිපත් කර තිබූ නිෂ්පාදන පෙළ දුටුවිට තමා පුදුමයට පත්වූ බව නව තානාපති Tung-Lai margue මහතා මෙහිදී සඳහන් කළේය.

    මෙයට වසර දෙකකට පෙර නිවාඩුවක් ගත කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙරට සුන්දරත්වය දැක තමා දැඩි ආකර්ෂණයට පත්වූ බවත් යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකාව සඳහා වූ නව තානාපතිවරයා ලෙස පත්වී ශ‍්‍රී ලංකාව සමග සබඳතා තහවුරු කර ගැනීමට හැකිවීම සතුටට කරුණක් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    මේ අවස්ථාවට විදේශ අමාත්‍ය මංගල සමරවීර, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya