ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් - අධ්‍යාපන අමාත්‍ය

    ඔක්තෝබර් 26, 2016

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, ජාත්‍යන්තර පාසල් නියාමනය හා අධීක්ෂණයට නීති සම්පාදනය කර ක්‍රමවත්  වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇත. එහිදී ගුරුවරුන්ගේ ප්‍රමිතිය, මුදල් අයකිරීමේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව කී අමාත්‍යවරයා ඊට අදාළ  නීති රීති ගෙන ඒමට කටයුතු  කරන බවද පැවසී ය.

    නව විෂය නිර්දේශ හඳුන්වාදීමට කටයුතු කරනවා. අලුතෙන් ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කරනවා.ගුරු හිඟයට පිළියම් යොදා, ගුරු පුහුණුව ලබාදී ඉන් අනතුරුව පෞද්ගලික පන්ති පිළිබඳව අවධානය යොමු කළ හැකියි. එහෙත් පාසල් කාලය තුළ ගුරුවරු පෞද්ගලික පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya