ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ණය උගුලෙන් මුදවා ගෙන රට ඉදිරියයට ගෙනයාමට කටයුතු කරනවා

    ඔක්තෝබර් 26, 2016

    රට හසුවී තිබෙන ණය උගුලෙන් මුදවා ගෙන රට ඉදිරියයට ගෙනයාමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.


    2005 තිබුණ ණය 2015 වන විට දෙගුණයටත් වඩා ගත්තා. එහි ‍පොලිය සියයට සියකින් වැඩි වෙලා තිබුණා. අද කතාකරන සමාවාදී සහෝදරවරු ඉන්න ආණ්ඩු පැවැති කාලේ ණයඅරගෙන තිබෙන්නේ බහුජාතික සමාගම්වලට අයත් බැංකු වලින්. ඒ වේලාවේදී ඊට එරෙහි  නොවූ අය අද බොරුවට කෑගහනවා. ආසියාවේ අඩුවෙන්ම බදු ගෙවන රට ලංකාවයි.රට හසුවී තිබෙන ණය උගුලෙන් මුදවා ගෙන රට ඉදිරියයට ගෙනයාමට අපි කටයුතු කරමින් ඉන්නවා.

     

    බදු පනත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිසියම් තීන්දුවක් ලබාදී තිබෙනවා. ඒ අනුවයිමෙය ඉදිරිපත් කළේ.  ආර්ථිකයට පිළිකාවක් හැදිලා තිබෙන්නේ. මෙය අවුරුද්දෙන් දෙකෙන් ප්‍රතිකාර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මෙයට ස්ථීර ප්‍රතිකාර කරනවා. පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් නිර්මාණය කරලා සෑම මන්ත්‍රීවරයකුට සහභාගීවෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya