ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි මාස කිහිපය තුළ දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක වැඩ අරඹනවා - ජනාධිපති

    ඔක්තෝබර් 28, 2016
    අපේ රට සැමදා ජයග‍්‍රහණ ලැබුවේ කෘෂිකාර්මික පදනමින් කරනු ලැබූ කාර්යයන් තුළ බව පෙන්වා දෙන ජනාධිපතිතුමා මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් ඇති කරමින් තවත් දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක කටයුතු ඉදිරි මාස කිහිපය තුළදී ආරම්භ කරන බව කියා සිටියේ ය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි උපදේශක ශ‍්‍රවණාගාරයේ පැවති මහවැලි ඉංජිනේරු සංගමයේ 30 වෙනි වාර්ෂික සම්මේලනය අමතමිනි.
     
    මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් දෙස් විදෙස් මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ රජය මේ වන විට නව වාරි ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කර තිබෙන අතර පසුබෑමට ලක්ව තිබූ ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීමට ද කටයුතු කර තිබෙන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
     
    මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මහවැලි ඉංජිනේරු සංගමයේ දායකත්වය ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා ඔවුන්ගේ දීර්ඝ කාලීන ගැටලුවක් වූ වැටුප් පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
     
    මහවැලි ඉංජිනේරු සංගමය විසින් ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
     
    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන් ද මහවැලි ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු ඩබ්.ඒ. චන්ද්‍රතිලක මහතා ඇතුළු සංගමයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya