ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ඉන්දියාවේදී කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ වැඳපුදා ගනී

    නොවැම්බර් 08, 2016

    ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (07) පස්වරුවේ ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර ශී‍්‍ර සර්වඥධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස ඉන්දීය ජාතික කෞතුගාරය නැරඹීමට ද එක් විය.

     

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ ඉන්දියානු මහාබෝධි සමාගමේ නවදිල්ලි මධ්‍යස්ථානය වෙතයි.

     

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් අනතුරුව එහි ගිය ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වන අතර විහාරාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද හිමිපාණන් වහන්සේ සහ ඉන්දීය ජාතික බෞද්ධ පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් පිළිගනු ලැබීය.

     

    මල් පහන් පූජා කර ආගමික වතාවත්වල නිරතවූ ජනාධිපතිතුමා විහාරස්ථාන පරිශ‍්‍රයේ ඇති අනගාරික ධර්මපාල පිළිරුවට ද මල් දමක් පළඳවා පුෂ්පෝපහාර දැක්වීය.

     

    අනතුරුව විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර උන්වහන්සේ ජය පිරිත් දේශනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

     

    නවදිල්ලි නුවර වාසය කරන ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කතා බහක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya