ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම ඇරඹේ

    නොවැම්බර් 10, 2016

    2017 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම අද (10) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.

    පාර්ලිමේන්තුවේ කටයුතු ප.ව. 2.00ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.  

    මුදල් අමාත්‍යවරයා විසින් 2017 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත  ඔක්තෝබර් 20  දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    යහපාලන රජයේ තෙවැනි අයවැය මෙවර ඉදිරිපත් කෙරෙන අතර  “සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් වර්ධනයක් කරා...” යන්න එහි තේමාවයි.

    අයවැය 2017 කාරක සභා අවස්ථාවේ වැඩසටහන සඳහා වෙන් කළ දින ගණන 19කි. ඒ අනුව කාරක සභා අවස්ථාවේ විවාද 19 සෙනසුරාදා සිට ආරම්භ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya