ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දිළිදුකම දුරලීම සඳහා 2017 ආරම්භයේ සිට සුවිශේෂී අවධානයක් -මුදල් අමාත්‍ය

    නොවැම්බර් 10, 2016

    දිළිදු කම දුරලීම සඳහා වැඩපිළිවෙලක් කෙරෙහි සුවිශේෂී අවධානයක් 2017 ආරම්භයේ සිට අවධානය යොමු කරනු ලබන බවත්  සියලු ශ්‍රී ලාංකිකයන්ට වඩා යහපත් හෙට දිනයක් ලබාදීම තහවුරු කිරීම සඳහා ජාතික සංවර්ධන උපාය මාර්ග සකස් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී 2017 අයවැය ඉදිරිපත් කරමින් මේ බව පැවසී ය.

     

    රටේ යහපත වෙනුවෙන් යහපත් ආර්ථික පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් පමණක් නොව තිරසර සංවර්ධනයකට පැහැදිළි ප්‍රවේශයක් ඇති කිරීම සඳහා යහපාලන ජාතික රජයේ දෙවන අයවැයේ අවධානය යොමුව තිබෙනවා.

    අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිපුණ නායකත්වය යටතේ,සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් යහපත් හෙට දිනයක් ඇතිකරලීම වෙනුවෙන් අප රජය නොසැලෙන කැපකිරීමකින් තවදුරටත් කටයුතු කරනවා.

    අපගේ ජනතාවට සුවිශේෂ ආර්ථික ප්‍රතිලාභ ලබාදීමට අප යන අභියෝගාත්මක ගමන වෙනුවෙන් අද්විතීය දේශපාලන පසුබිමක් තුළ, ඉලක්ක ගත සමෘද්ධිය,කරා පිය නැගීමට උපකාරී වෙනවා.

    ප්‍රජාතන්ත්‍රවාදය, මූලික මිනිස් අයිතිවාසිකම්,සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සංවර්ධනය, ජාතීන් අතර සංහිදියාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා.නව දැක්මක් තුළ තිරසාර සාමයක් ස්ථාපනය කිරීමට රට මෙහෙයවනු ලබනවා. සමාජ ආර්ථික දේශපාලන ජාත්‍යන්තර සබදතා ඇතුළත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් අප සිදු කරනවා.

    අපගේ ප්‍රමුඛ පරමාර්ථයවන රට සංවර්ධනය කිරීම වෙනුවෙන් ජාතික වශයෙන් පුළුල් ප්‍රතිපත්ති රැසක් ඇතුළත් වන පරිදි ජනාධිපතිතුමා හා අගමැතිතුමා ලබා දෙන නිවැරැදි නායකත්වයත් ආසියානු කලාපයේ ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් බවට පත් කිරීමට උපකාරී වෙනවා.


    රැකියා දසලක්ෂයක් ඇති කිරීම,ආදායම් මට්ටම ඉහළ දැමීම, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම,වැඩකරන වතු ජනතාව  හා ග්‍රාමීය ජනතාව මෙන් ම මධ්‍යම පාන්තික හා රජයේ සේවකයන්ට ඉඩම් අයිතිය , දිළිදු කම දුරලීම සඳහා වැඩපිළිවෙලක් කෙරෙහි සුවිශේෂී අවධානයක් 2017 ආරම්භයේ සිට අවධානය යොමු කරනු ලබනවා.

    රජය විසින් ආර්ථික සංවර්ධන වේගය සියයට 7%කට වඩා වැඩි අගයක් අත්පත් කරගැනීම පිණිස ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් වාණිජ කේන්ද්‍රය බවට පරිවර්ථනය කිරීමෙන් ලෝක වාණිජ මෙහෙයුම්වල අපගේ ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමේ උපාය මාර්ගික වැදගත්කම සළකා වැඩසටහන් දියත් කරනවා. සමාජයේ සියලු දෙනාම ඇතුළත්වන පරිදි ආර්ථික සංවර්ධනයක් සඳහා 2030 අත්පර ගැනීමට කැපවෙන තිරසර සංවර්ධන ඉලක්ක ජගැනීම සහතික කරනවා.

    ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවලට රජය ප්‍රමුඛ ලෙස මැදිහත් වෙනවා.පෞද්ගලික හවුල්කාරීත්වය මඟින් එය සිදු කිරීමට කටයුතු කරනු ලබනවා.සියලු ශ්‍රී ලාංකිකයන්ට වඩා යහපත් හෙට දිනයක් ලබාදීම තහවුරු කිරීම සඳහා සමාජ ආර්ථික පරිවර්ථනයක් ඇති කිරීම මේ වනවිට ප්‍රධාන අවශ්‍යතාව වනවා. ඒ සඳහා වන ජාතික සංවර්ධන උපාය මාර්ග සකස් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya