ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කවි කිවිඳියන් වෙනුවෙන් සංරක්ෂණාගාරයක්

    නොවැම්බර් 15, 2016

    එදා මෙදා තුර කවියෙන් රට ජාතිය අවදි කළ සහ සිත් සතන් පුබුදු කළ කවි කිවිඳියන්ගේ නිර්මාණ, ඡායාරූප සහ අත් අකුරු සංරක්ෂණය කිරීම සඳහා සංරක්ෂණාගාරයක් ඉදිකිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකසන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

    ජී.එම්. අජිත් කිවි පදනම සහ සිංහල තරුණ කවි සමාජය විසින් සංවිධානය කළ මහා කාව්‍ය මංගල්‍යයට ඊයේ (14) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයට සමගාමීව මියගිය සහ ජීවමාන කවි කිවිඳියන් දහසකගේ පමණ නිර්මාණ සහ ඡායාරූප ප‍්‍රදර්ශනයක් පැවැත්වුණු අතර එම ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

    ඊයේ (14) සිට ලබන 18 දින වනදා දක්වා නිර්මාණ සහ ඡායාරූප ප‍්‍රදර්ශනය පැවැත්වීමට ද නියමිත වේ.

    ජී.එම්. අජිත් කිවි පදනමේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ද ජී.එම්. අජිත් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළේය.

    තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ මහා සංඝරත්නය සමග එක්වී රට ජාතිය අවදි කිරීම සඳහා පෑන් තුඩින් සිය දැනුම සහ අත්දැකීම් රටට බෙදාහළ කවි කිවිඳියන්ගේ වටිනාකම අද මෙන් හෙටටත් නොවෙනස්ව පවතින බවය.

    කවි කිවිඳියන්ගේ නිර්මාණ ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් නොමැති වීම සම්බන්ධයෙන් කණගාටුව පළ කළ ජනාධිපතිතුමා රජයක් සතු එම වගකීම ඉටුකරමින් කවි කිවිඳියන් කරන්නාවූ විශිෂ්ට මෙහෙය ඇගයීමට ලක් කළේය.

    සාහිත්‍ය සහ කලා කටයුතු වෙනුවෙන් දුර පළාත් වල සිට කොළඹට පැමිණෙන කවි කිවිඳියන්ට නවාතැන් සඳහා සුදුසු ස්ථානයක් ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ලබන වසර තුළදී එම අවශ්‍යතාවය ඉටුකර දීමට කටයුතු කරන බවයි.

    එමෙන්ම ජාත්‍යාලය ඔප්නැංවීමටල මිනිස් සිත සුවපත් කිරීමට සහ මානුෂීය හැඟීම් ඉස්මතු කිරීමට සිංහල කවියා කළ මෙහෙය සිහිපත් කළ ජනාධිපතිතුමා ඔවුන් දිරිමත් කිරීමට රජයක් විසින් සිදු කළ යුතු සියලු කාර්යයන් නොපිරිහෙළා ඉටු කිරීමට තමා කැපවන බව ද කියා සිටියේය.

    මේ අවස්ථාවට වෙන්නවත්තේ රතනජෝති හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද කවි සමාජයන්හි සාමාජික කවි කිවිඳියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya