ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලක්ෂ ගණනක් තරුණ තරුණියන්ට රැකියා ලැබෙන අයවැයක් - අමාත්‍ය වජිර අබේවර්ධන

    නොවැම්බර් 15, 2016

    රැකියා විරහිත ලක්ෂ ගණනක් තරුණ තරුණියන්ට රැකියා ලැබෙන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

    අයවැය ගැන  මත ඉදිරිපත් කර තිබෙනවා.  අවුරුදු 10ක් වැරදි පාරේ ගිය නිසයි ජනතාව පාලනය වෙනස් කර තිබෙන්නේ. ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යටතේ මුදල් පරිපාලනය දුර්වලයි. එය වෙනස් කරන්න අපිට වසරකට වැඩිය ගියා.

    ග්‍රාමසේවා වසම්වල සියලු පුරප්පාඩු පිරවීමට දෙසැම්බර් 31 පෙර පුරවා අවසන් කරනවා. අයවැයට සමඟාමිව මූල්‍ය ප්‍රතිපත්තියක් සකස් කරගන්න නිති රීති දෙනැල්ලා රට ඉදිරියට ගෙනයැමට කටයුතු කරනවා.  යාපනයේ, වන්නියේ, කිළිනොච්චියේ, උතුරු නැඟනහිර පරිපාලනය ශක්තිමත් කරන්න බිලියන 10ක් වසර 2016-2017 වෙන් කර තිබෙනවා. මුදලාලිලා කීපදෙනෙකුට යටත් වූ ආයෝජනයක් තිබුණේ. රැකියා ලක්ෂ  ගණනක් ලැබෙන අයවැයක්. ගාල්ල 7000 රැකියා උත්පාදනය වෙනවා. ඒ නිසා රැකියා විරහිත ලක්ෂ ගණනාවක් තරුණ තරුණියන්ට රැකියා ලැබෙන අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya