අමාත්‍යවරයා අද (16)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි
තවදුරටත් විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා,
මේ පසුගිය අයවැයට වඩා සුවිශේෂී විදියට රට ඉදිරියට ගෙන යන අයවැයක්. අයවැය ගැන අඩුපාඩු ඉදිරිපත් කරන්න පුළුවන්. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු කරන්නේ ඒ සුපුරුදු දේ තමයි. රටක් ලෙස ගත් ක්‍රියා මාර්ගවල ප්‍රතිඵල තිබෙනවද කියලා බලන්න ඕන.
අපිට ඉතුරු වී තිබෙන්නේ මහා ණය කන්දරාවක්. එය අනාගතයටත් උරුම වෙලා. සියලු ගොඩනැගිලිවල ආණ්ඩු දෙක තුනම කළ දේ. මහා ණය අඩු කරගන්න බැරි නම්, ස්ථාවරව ඉදිරියට ගෙන යාමේ අභියෝගය තිබෙනවා.
හම්බන්තොට වරාය, ගුවන්තොටුපල ගැන කියනවා. විකුණනවා කියනවා. එහෙම දෙයක් වෙනවා නම් ඉඩ දෙන්නේ නෑ.කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර මිසක් රටට අහිත කර ගිවිසුම් අත්සන් කරන්න ඉඩ නෑ. මේ රජයේ වෙනස ඒකයි.
ජාතික ආණ්ඩුව හදලා තිබෙන්නේ නිශ්චිත අරමුණු කීපයකට.ජාතික ආණ්ඩුව නිර්මාණය වෙලා, ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් නිසා විදුලි පුටු ගැන කතා කරන්නේ නෑ. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,හැදුවා. ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ඒ කටයුත්ත කළේ. ප්‍රධාන අභියෝග රාශියක් ජයගනිමින් යනවා.
නතර වූ සියලු සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. ඉතිරි සංවර්ධන කටයුතු සඳහා මුදල් එන්න පටන් ගන්නවා. හම්බන්තොටට අහිතකර දෙයක් වෙනවා නම් අපි අත් ඔසවන්නේ නෑ. හොරකම ඒ ආණ්ඩුවද මේ ආණ්ඩුවද කියලා නෑ. දඬුවම් දිය යුතුයි. කැබිනට් මණ්ඩලය පුළුල් ලෙස සාකච්ඡා කරනවා.
බඩු අඩු කිරීම නොවේ අයවැයේ ප්‍රධාන ලක්ෂණය, හොඳ කාරණා සාකච්ඡා කළ යුතුයි. වැරදි පෙන්වා දෙන්න. ඒවා සංශෝධන ඉදිරිපත් කරන්න. පෙන්වා දෙන්න. ඒවා නිවැරැදි කරන්න රජය කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා විශාල ප්‍රමාණයක් අඩංගු අයවැයක් බවද අමාත්‍යවරයා පැවසී ය.