ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පටු වුවමනාවන්ට භාවිත කිරීම රටේ ඉදිරි ගමනට බාධාවක්- ජනපති

    නොවැම්බර් 17, 2016

    රටට ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පටු දේශපාලන වුවමනාවන් හෝ ජාතිවාදය හා ආගම්වාදය මුල්කරගෙන භාවිතා කිරීම රටේ ඉදිරි ගමනට බාධාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ 47 වන සංවත්සර මහා සමුළුව අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    අද රජය ශක්තිමත් රජයක් ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව සියලු ක්ෂේත්‍රවල වගකීම් සහ යුතුකම් ඉටුකරමින් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා යහපාලන රජය පිළිබඳ රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් ඉටුකරමින් රජය පියවරෙන් පියවර ඉදිරියට යන බවත්, ඇතැමුන් අපේක්ෂා කරන පරිදි ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි නමුත් විධිමත් සැලසුම් තුළින් රටේ ජනතාවගේ අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් ප්‍රකාශ කළේය.

    නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට සේම එම ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු දෙනාගේ වෘත්තීය වරප්‍රසාද තහවුරු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවම රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකර විශ්‍රාම ලැබූ දස දෙනෙකු වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

    අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ද වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya