ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සැමට ප්‍රතිලාභ දෙන අයවැයක් - ආර්ථිකය හොඳින් කළමනාකරණ්‍ය කරන්න පියවර ගත්තා

    නොවැම්බර් 17, 2016

    අපේ අයවැය සැමට ප්‍රතිලාභ දෙන අයවැයක්. රටේ සම්පත් මනා කළමනාකාරිත්වයකින් ඉහළ දැමීම රජයේ අරමුණ වෙනවා. රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් කටයුතු කරන්න අපි පියවර ගත්තා. ආර්ථිකය හොඳින් කළමනාකරණ්‍ය කරන්න පියවර ගත්තා යැයි නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සාගල රත්නායක මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවදයට එක්වෙමිනි.

     

    හැමෝටම ප්‍රතිලාභ ලැබෙන අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. හැමෝටම හොඳින් ජීවත් වන්න අවස්ථාව ලබාදීම අපේ අරමුණ වෙනවා. මම නියෝජනය කරන ප්‍රදේශය තේ මත යැපෙනවා. කිලෝවකට රුපියල් 60ත් 90ත් අතර අගයක් ගන්නවා. නමුත් කුඩා තේවතු හිමියාට ජීවත් වන්න අමාරු වී තිබෙනවා. මිල වැඩි වෙන්නේ නැහැ. අපේ රට වාඟේ නොවේ තේ මිලට ගන්නා රටවල මිල ගණන්. ඒ රටවල වසර ගණනාවක් බඩු මිල සුළු මිල ගණන්වලින් වැඩි වී තිබෙන්නේ. අපේ බඩු මිල වේගයෙන් වැඩිවුණා. අපෙන් තේ මිලට ගන්නා රටවල් වැඩි මුදලක් ගෙවන්නේ නැහැ. අපේ නිෂ්පාදනවලට වුණේ මේකයි.

     

    අපිට වෙළඳපල නැතිව යන්න පටන් ගත්තා. බදු වැඩිවීම බඩුමිල ඉහළ යාමට හේතු වුණා. කිසිම සැලසුමක් නොමැතිව සංවර්ධන කටයුතු සිදුවීම හේතුවෙන් ආදායම් අහිමිවී ගියා. රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් කටයුතු කරන්න අපි පියවර ගත්තා. ආර්ථිකය හොඳින් කළමනාකරණ්‍ය කරන්න පියවර ගත්තා. අපි ඊළඟ පියවරට ද වැඩ කළයුතු වෙනවා. නැවත ජාත්‍යන්තරයට සමීප වන්නට ද හැකියාව ලැබී තිබෙනවා. මානව හිමිකම් ආරක්ෂා කරන්නට අපි මේ වනවිට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අපිට ජාත්‍යන්තරයේ පිළිගැනීම ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසාම අපිට නැවත වෙළෙඳපලවල් නිර්මාණය වුණා.

     

    යුරෝපා සංගමය පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත්කළා. ජී.එස්.පී බදු සහනය යළි ලබාගන්න පියවර ගෙන තිබෙනවා. වෙළෙඳපලවල යළි විවෘත වනවිට එහි වාසිය අපේ ව්‍යාපාරිකයන්ටයි. ආර්ථික අවස්ථාවන් රැසක් අපේ ජනතාවට නිර්මාණය වී තිබෙනවා. අපේ අයවැය හැමටම ප්‍රතිලාභ දෙන අයවැයක්. රටේ සම්පත් මනා කළමනාකාරිත්වයකින් නිෂ්පාදන ඉහළ දැමීම රජයේ අරමුණ වෙනවා. අද වනවිට දුර ගමනක් යන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වී තිබෙනවා. දක්ෂිණ ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් ඇතිකරන්න අපේ රජය පියවර ගෙන තිබෙනවා. විශාල ණය මුදලක් ගෙන එහි කොටසක් චීන සමාගමකට කොටස් වශයෙන් ලබාදෙනවා.

     

    ඉඩම් විකුණන්නේ නැහැ. දීර්ඝ කාලීන බදු ක්‍රමයට ලබාදෙනවා. ජනවාරි මාසයේ මෙහි වැඩ පටන් ගන්න අපි පියවර ගන්නවා. අක්කර 15000ක කර්මාන්ත පුරයක් බිහිකරන්න අපි කටයුතු කරනවා. නැව් අලුත් වැඩියා කරන ස්ථානයක් පටන් ගන්නවා. සිමෙන්ති කර්මාන්ත ශාලාවක්, පිරිපහදුවක්, එල්.එන්.ජී පර්යන්තයක් එනවා. මෙහි ඇතිවන රැකියා අපේ රටේ තරුණ පිරිසටයි. කොරියාවේ දී මෙන්ම ඔවුන්ට ඉහළ ආදායම් ලබන්න පුළුවන්. අපේ රටේ ජාතික සංහිඳියාව ආරක්ෂා වන තරමට තමයි අපේ ශක්තිය ගොඩනැඟෙන්නේ. මේ දිනවල පටු දේශපාලන වාසි අපේක්ෂාවෙන් රට අස්ථාවර කරන්න උත්සාහ ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya