ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කල්බදු ක්‍රමය යටතේ රථවාහන මිලදී ගැනීම රජයට වාසි සහගතයි- මුදල් අමාත්‍ය

    නොවැම්බර් 18, 2016

    කල්බදු ක්‍රමයට වාහන මිලදී ගැනීම රජයට වාසි සහගත වෙයි.මෙම වැඩපිළිවෙල රජය තුළ ක්‍රියාත්මක කළා.ඉන් මිලියන 9800ක් ඉතුරු කරන්න හැකි වුණා. ඒ අනුව සියලු අමාත්‍යාංශවලට මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ රථවාහන මිලදී ගැනීමට අවසර දී තිබෙන බව  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද මේ බව (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමිනි

    මේ ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් ව්‍යාපෘතිය අනුගමනය කිරීම  සඳහා රජයට වහන කුලී පදනම මත වාහන ලබාගැනීමට කටයුතු කර ඇත.
    ඒ අනුව මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ,වාහන ලබාගැනීම වෙනුවෙන් 2016 ජූලි 14 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලදී. මෙදෙයුම් කල්බදු ක්‍රමය යටතේ,මස 60ක කාලයකට බලපැවැත්වෙන පරිදි වාහන කුලියට ගැනීමට අමාත්‍ය මණ්ඩලය 2016 නොවැම්බර් 01 දින අනුමැතිය ලබාදී ඇත.


    දැනට රුපියල් ලක්ෂ 2ක බැගින් වාහන දීමනා ලබන මන්ත්‍රීවරු විසින් වාහන ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබේ ද?

    මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ,වාහන ප්‍රසම්පාදනය කිරීම කල්ගතවන බැවින් එතෙක් මන්ත්‍රීවරුන්ට මසකට ලක්ෂ දෙක බැගින් ප්‍රවාහන දීමනා ගෙවීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2016 ජූනි 21 අනුමත කර ඇත. රජයේ අවශ්‍යතාවක් සඳහා ජීප් රථයක් මිල දී ගන්නේ නම්,ඒ සඳහා ගෙවිය යුතු වටිනාකම,මිලියන 33කි.ඉන් බදු වශයෙන් රජයට අයකරගන්නා,මිලියන 25.5කි. බදු වශයෙන් රජයට ලැබෙනවා.

    එහෙත් මාසික කුලී පදනම මත මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ,ජීප් රථයක් මාස 60ක කාලයක් ලබාගැනීමේ දී ගෙවිය යුතු වියදම මිලියන,35.4කි. ඒ අනුව වසර  පහක ලායක අවසානයේ දී අමතරව ගෙවිය යුතු වියදම වන්නේ,මිලියන 2.4කි.මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ,මිලදී ගැනීමේ දී ආදායම් බලපත්‍ර, රක්ෂණ ගාස්තු ,සියලු අලුත්වැඩියා කිරීමේ වියදම් සැපයුම් කරු දරණ බැවින් එය රජයට බරක් නොවේ.  මේ සියලු වියදම් සැපයුම්කරු දැරිය යුතු අතර ඔහුට එම වියදම ආවරණය කිරීමට හැකි වන්නේ,මිලියන 2.4 ඇතුළතය.වාහනයක් කල්බදු ක්‍රමයට මිලදී ගන්නේ නම්, කල්බදු ක්‍රමයට වාහන මිලදී ගැනීම රජයට වාසි සහගත වේ.


    පහත සඳහන් ප්‍රතිලාභද වාහන මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ මිලදී  ගැනීමේ දී ලැබෙනු ඇත.

    මේ වාහන එකවර මිලදී ගන්නේ නම්,එක් වාහනයක් සඳහා මිලියන 33.5ක් ගෙවිය යුතු වෙයි.ඉන් රජයේ මුදල් ප්‍රවාහනයට සෘජු බලපෑමක් සිදු වන අතර මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන ලබාගැනීමෙන් අහිතකර බලපෑමක් ඇති නොවේ. තම ධූරකාලය අවසන බාර නොදීමේ ගැටලුව මෙහෙයුම් කල්බදු ක්‍රමයට යටතේ මඟහැරී යනු ඇත. අලුත් වැඩියාවේ දී ඒ හා සමාන වාහනයක් ලබාදීමට සැපයුම් කරුට සිදු වෙයි. ඒ නිසා රජයට අමතර වාහන සැපයීමේ අවශ්‍යතාව සිදු නොවේ.


    අමතර බිල්පත් ඉදිරිපත් කිරීම සිදු නොවන තර එයද රජයට වාසිදායක තත්ත්වයක් ලැබේ. සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය  ගැටළු සහගත බව අනාවරණය වන  බැවින් අනාගත දූෂණ වංචා විමර්ශනයේ දී මේ ක්‍රියාවලියේ දි රජයේ නිලධාරීන් වරද කරුවන් නොවන බවට ඇති සහතිකය කුමක්ද?  කල්බදු ක්‍රමය යටතේ,වාහන ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී ඇති අතර මිල ගණන් කැඳවා,අමාත්‍ය මණ්ඩල පත් කළ ප්‍රසම්පදාන කොමිටිය නිදේශය ද සළකා බලා, මා විසින් 2016 සැප්තැම්බර් 25 දින,ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර එය ආර්ථික සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් යොමු කරන ලදී.

    එම නිර්දේශය අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම,2016 නොවැම්බර් 16 දින අනුමත කර ඇත. ප්‍රසම්පාදන විධිමත් ලෙස සිදු වී ඇති බැවින් ප්‍රශ්නයක් පැන නොනඟී.

    මෙම වැඩපිළිවෙල රජය තුළ ක්‍රියාත්මක කළා.ඉන් මිලියන 9800ක් ඉතුරු කරන්න හැකි වුණ. සියලු අමාත්‍යාංශවලට මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ රථවාහන මිලදී ගැනීමට අවසර දී තිබෙන්නේ.


    මේ ප්‍රකාශ නොමඟ යනවා.විපක්ෂය හා ආණ්ඩු පක්ෂයේ අතර වෙනසක් තිබෙනවා.ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට වැඩ ගනනාවක් තිබෙනවා.අපට අවශ්‍යතාවක් තිබෙනවා,රජය විධිමත් ලෙස සියලු මන්ත්‍රීවරු කටයුතු කරන්න උදව් කරන්න.අපට අදායමක් ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya