ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රටේ ජාතික සමඟිය ඇති කරන්න ඕනෑම පියවරක් ගන්නවා

    නොවැම්බර් 19, 2016

    රටේ ජාතික සමඟිය ඇති කරන්න ඕනෑම පියවරක් ගන්නවා. නීතිය ක්‍රියාත්මක කරනවා. කඩාකප්පල් කරන අන්තවාදීන් සිටිනවා. ඒවට ඉඩ දිය නොහැකි බව අග්‍රාමාත්‍ය රවිල්වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අයවැය-2017 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

    දේශපාලන පලිගැනීම් කාරණා අනාගතයේ එය වෙන්න බෑ. පාර්ලිමේන්තුවට වැඩ කරන්න පහසුකම් දෙන්න ඕන. මන්ත්‍රීවරුන්ට පහසුකම් ,වාහන පහසුකම් ලබාදෙන්න ඕන. නිල වාහන තිබෙන්න ඕන. අද ඇමතිවරු මන්ත්‍රිවරුන්ට ගෙවන මුදල අඩුයි. අද පුද්ගලික අංශයේ වැටුප බලන්න. තම දරුවන් දෙස,නිවාස  බලන්න ඕන. මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි කරන්න ඕන. මන්ත්‍රීවරුන්ගේ වැඩකටයුතු කරන්න මීට වඩා පහසුකම් ලබාදිය යුතුයි.තම මැතිවරණ කොට්ඨාශයේ මන්ත්‍රීවරුන්ට වැඩකරන්න රුපියල් ලක්ෂයක් ලබාදිය යුතුයි.

    පළමු වරට ජනාධිපතිධූරයත්, 19 ව්‍යවස්ථාවෙන් පස්සේ බලතල කොටසක් දුන්නා. අද ජාතික සමඟිය ඇති වී තිබෙනවා. අද පුළුවන් එකට වැඩකරන්න පුළුවන්. ශ්‍රී ලාංකිකඅනන්‍යතාවය ඇති කරන්නේ ජනාධිපතිවරයා. අද මට පුළුවන් හින්දු,ක්‍රිස්තියානි, මුස්ලිම් ඕන කෙනෙකූ එක්ක වැඩකරන්න . අන්තවාදීන් ඉන්නවා, කඩාකප්පල් කරන්න. ඒවට ඉඩ දෙන්න බැ.මාධ්‍ය දැනගන්න ඕන.  මේ රටේ ජාතික සමඟිය ඇති කරන්න ඕන පියවරක් ගන්නවා.නීතිය ක්‍රියාත්මක කරනවා. ඇති වූ ජාතික සමඟිය නැති කරන්න ඉඩ දෙන්නේ නෑ යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya