ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම පිළිබඳ තවම තීරණයක් ගෙන නෑ - නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි.පෙරේරා

    නොවැම්බර් 22, 2016

    රට තුළ න්‍යෂ්ටික විදුලි බලගාරයක් ඉදිකිරීමට ස්ථිරසාර තීරණයක් තවමත් ගෙන නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, න්‍ය්ෂ්ටික බලාගාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා විමසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට වසර පහළොවක්වත් ගතවන බව කී අමාත්‍යවරයා, මෙය රටේ සංවේදී කාරණයක් වන බවත් ඉඩම් පිළිබඳ හිඟය පරිසර හිතකාමී බව  පිළිබඳවද අවධානය යොමු වී ඇතයි නියෝජ්‍ය අමාත්‍යවරය පැවසී ය.


    මේ පිළිබඳව රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව  ස්ථීර තීරණයක් ගෙන නොමැති බවද පැවසූ අමාත්‍යවරයා, න්‍යෂ්ටික විකිරණ මැනබැලීම සඳහා  විවිධ ප්‍රදේශවල උපකරණ සවිකර තිබෙන බවද කීය.

     

    තවද ඉන්දියාවේ පිහිටා ඇති න්‍යෂ්ටික බලාගාරවල බලපෑමක් සිදු වුවහොත් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් හා සූදානමක් ශ්‍රී ලංකාවට තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya