ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රටක ඉදිරි ගමන රැදී තිබෙන්නේ, නවීන විද්‍යාව හා තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කිරීම මතයි

    නොවැම්බර් 23, 2016

    ලෝකයේ දියුණු තාක්ෂණය ඉදිරි වසර හතර තුළ ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා බවත් රටක ඉදිරි ගමන රැදී තිබෙන්නේ නවීන විද්‍යාව හා තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කිරීම මත බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2017 විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය වැය ශීර්ෂයේ අඳහස් දක්වමිනි.


    2016 වසර සඳහා ඉදිරිපත් කළ වැඩසටහන් සහ විද්‍යාව හා තාක්ෂණය සමාජ ප්‍රගමනයට යොදා ගන්නේ කෙ‍සේද කියා දේශීය විද්‍යාඥයින් 600 ක ප්‍රමාණයක් හා විදේශීය විද්‍යාඥයින් 100ක් සහභාගීවෙමින් සම්මන්ත්‍රණ මාලවක් සිදු කළා. එහි වාර්තාව කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උසස් පෙළ හදාරන සිසුන් ජපානයේ සංචාරක අවස්ථාව ලබාදී තිබෙනවා. එය ලබන වසරේ සියය දක්වා වැඩි කර තිබෙනවා.

     

    උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරුන්ට පාඨමාලා හැදෑරීමට ස්විස්ටර්ලන්තයට යැවීමට අපි කටයුතු කර තිබෙනවා. හදවත් රෝග හා පිළිකා රෝග පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.  රජයේ රෝහල්වල් පර්යේෂණ ඒකක ඇති කිරීමට සාකච්ඡා කරමින් තිබෙනවා. චීනය, ජපාපනය, කියුබාව, ඉන්දියාව වැනි රටවල් සමඟ අපි සබඳතා ගොඩනගා තිබෙනවා. න්‍යෂ්ටික ආයතනයේ ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. නව විද්‍යාගාරයක් ඇති කරනවා.

    ප්‍රමිති ආයතනයෙ ප්‍රමිති ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලය අනුමත කළා. පිටිපන මාහේනේ, බයෝටෙක් ලැබ් එක හදනවා. එයට ඇවිත් පරීක්ෂණ කිරීමට අවස්ථා තිබෙනවා. නැනෝ තාක්ෂණය, ජියෝ තක්ෂණ ඉදිරියට ගෙන ඒමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya