ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ස්ථාවර තේ මිලක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා

    නොවැම්බර් 24, 2016

    අපේ ආණ්ඩුව යටතේ තේ මිල වැඩි වෙලා. අපි ස්ථාවර තේ මිලක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    කෘෂිකර්ම, වැවිලි, මහවැලි සංවර්ධන හා පරිසර, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    තේවගාවට පොහොර සහනාධාරය ලබාදී තිබෙනවා. කුඩා තේ වතු හිමියන්ට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් කුඩා තේ වතු හිමියන්ට මුදල් චෙක්පත් ලබාදෙයි කියා හිතනවා. පාසල් දරුවන්ට නිල ඇදුම් දුන්නා. නාස්තිය දූෂණය නතර කර ගැනීම සඳහා වවුචර් ක්‍රමයට නිල ඇදුම් දුන්නා. පහසුවෙන් නිල ඇදුම් දෙන්න වවුචර් ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වෙනවා. දැනට වැහිලා ගිය කර්මාන්තශාලා වල හිඟ දළු සල්ලි ලබාගැනීමේ අපහසුතාවක් තිබෙනවා.තේ මිල බැස්සා. කාලයෙන් කාලයට වෙනවා. ආණ්ඩුව නිසා කියනවා. අද තේ මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා. බහිනකොට ආණ්ඩුව. අපේ ආණ්ඩුව යටතේ තේ මිල වැඩි වෙලා. අපි ස්ථාවර තේ මිලක් ලබාදීමට රජය බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya