ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අලි මිනිස් ගැටුම අවම කිරීමට ක්‍රියාමාර්ග රැසක් - අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

    නොවැම්බර් 25, 2016

    අලි මිනිස් ගැටුම අවම කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බව  තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (25) පාර්ලිමේන්තුවේ දී තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශ වැයශීර්ෂයේ පිළිතුරු කතාව කරමිනි.

     

    අද ලංකාව ලෝකයම පිළිගෙන තිබෙනවා.තිරසර කියන්නේ කොන්ක්‍රීට් නොවෙයි. ලෝකයට උරුමය දී තිබෙන්නේ අපි, මිහිදු මහ රහතන් වහන්සේගේ පණිවුඩයත් එක්ක. තිරසර යන්න හෝන ගමට,පවුලට ,පුද්ගලයාටයි. දියුණු රටවල් මේ පෘථුවිය විනාශ කළා.

    පළමු වරට වනජීවී, වන සංරක්ෂණ,උද්බිද උද්‍යාන, සත්ත්ව උද්‍යාල සියල්ල එකාබද්ධ කළා. ඒ නිසා අපිට හැකි වී තිබෙනවා, සැලසුමක් හදන්න. මාර්තු වනවිට දෙහිවල සත්ත්ව උද්‍යානය අමුතුම උද්‍යානයක් කරනව. සතුන් නිදහස් කර එළි මහනේ තබනවා.පින්නවල නව වැඩපිළිවෙලකට යොමු වී තිබෙනවා.

    අලි මිනිස් ගැටුම අවම කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා, වන අලි පහර දීමෙන් මිය ගිය අයෙකුට ගෙවූ රුපියල් ලක්ෂයක වන්දිය රුපියල් ලක්ෂ 2ක දක්වා ඉහළ නැංවීමට හැකි වී තිබෙනවා.මේ මුදල ලක්ෂ පහ දක්වා ඉහළ නැංවීමට කැබිනට් පත්‍රිඅකාවක් ඉදිරිපත් කරන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya