ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    2017 වසරේ උදා ගම්මාන 400ක් ආරම්භ කර අවසන් කිරීම ඉලක්කයයි - අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    නොවැම්බර් 26, 2016

    2017 වසරේ උදා ගම්මාන 400ක් ආරම්භ කර අවසන් කිරීමට කටයුතු කිරීමේ ඉලක්කය බවත් වසර 2015-2016 මේ දක්වා කාලය තුළ නිවාස එක්ලක්ෂ හැට හත්දහස් හාරසිය හැට හයක් ඉදිකිරීම් ආරම්භ කර තිබෙන බවද  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

    අයවැය 2017 විවාදයේ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    ඓතිහාසික මුදල් ප්‍රමණයක් වෙන් වුණා.නිවාස සංවර්ධනයට රුපියල් බිලියන 6කට වැඩි ප්‍රමණයක් ලැබුණා. උදා ගම්නාන 166ක්  හදනවා, නිවාස 4609කින් සමන්විතව.  නිවාස 1099කින් සමන්විත උදා කළ ගම්මාන තිහක් හදනවා. විසිරුණු නිවාස, ගොඩනැඟීමට ආධර ලබාදී තිබෙනවා, ණය ආධර ලබාදී තිබෙනවා,34216ක්. මේ රටේ නිවාස කපරාරු කර ගැනීම සඳහා නිවාස 75,000කට ආධාර උපකාර ලබාදෙනවා. මේ මිලියන 6000ක අරමුදල්, කොළඹ බල ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘති වැඩදියුණු කරලා, කැප කළ මිලියන 240 සමඟ ඉලක්ක ගත ප්‍රතිලාභීන් එක්ලක්ෂ දාහතරදසක්ට සහන ලබාදෙනවා.ඒ වෙනුවෙන් අමාත්‍යාංශයට වෙන් කළ මුදල් සියයට සියයක් වැයකරනවා.

     

    සියයට සියයක් ම ජනතා සුබසිද්ධියට කැප කරන්නේ.2010 සිට 2014 දක්වා අමාත්‍යාංශය   හොබවපු කාලයේ,පසුගිය රජයේ , ආරම්භ කළේ නිවාස 31334යි.අවසන් කළේ, 18046ක්. වසර පහේ කාලය තුළ , නිවාස සංවර්ධනය වෙනුවෙන් ලබාදුන්නේ, මිලියන 3251යි.


    වසර 2015ත් 2016 මේ දක්වා,නිවාස එක්ලක්ෂ හැට හත්දහස් හාරසිය හැට හයක් ආරම්භ කර තිබෙනවා. නිවාස එක් ලක්ෂ තිස් හයදහස් එකසිය තිස් දෙකකට ප්‍රතිලාභ ලබාදී තිබෙනවා. අපි අවසන් කර තිබෙනවා, නිවාස එක්ලක්ෂ තිස්තුන්දහස් තුන්සිය අනූ අටක්. මේ යහපාලන රජය නිවාස හා ඉදිකිරීම් අමත්‍යාංශයට මේ වසර දෙකට වෙන් කළා මිලියන 8766ක්.මිලියන 372ක් වෙන් කරලා, වැලි ඔය ප්‍රදේශයේ පවුල් 1000කට දැවැන්ත වැඩසටහනක් දියත් කරනවා.වකුගඩු රෝගීන් වෙනුවෙන් වැඩසටහනක් පටන් ගෙන තිබෙනවා. කාන්තා මූලික නිවාස වෙනුවෙන් නව නිවාස 42ක් ක්‍රියාත්මකකරමින් යනවා. බුදු පුත් මාපිය වැඩසටහන යටතේ නායක ස්වාමීන්වහන්සේලාගේ නිවෙස් 34ක පිළිසකර කිරීමේ කටයුතු කරගෙන යනවා.

     

    සෙවණ ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරනවා.උදා ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. කපරාරු වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ලක්ෂ 5000ක් වෙන් කරලා, ශිල්ප සවිය වැඩසටහන තුළින් ඉදිකිරීම් ක්ෂේත්‍රය යෞවන, යෞවනියන් 10,000ක් අපි පුහුණු කරන, මසකට රුපියල් 10,000ක් ලබාදෙන, රුපියල් 5000ක උපකරණ  ලබාදෙන, රුපියල් 2000 ක නිලඇදුම් දෙන, වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

     

    කුණ්ඩසාලේ බලප්‍රදේශයේ 331කට මහල් නිවාස ආරම්භ කරන්න යෝජිතයි. නිවාස ලබාදීමේ දී මුදලට නිවාස ලබාදෙන්න වෙනවා. රුපියල් බිලියන 370 ණය මාලාවක් නිර්මාණය කරලා, හැම පුද්ගලයකුටම රුපියල් ලක්ෂ 50 ණය සියයට 7 පොළියට ලබාදෙන්න අපි පියවර ගන්නවා. ලෝක හනාවාස දිනය අපි ගම්මාන බිහි කිරීමේ දිනයක් ලෙස ක්‍රියාත්මක කළා. මේ වසරේ පමණක් කොළඹ බල ප්‍රදේශයේ 1200කට සින්නක්කර ඔප්පු ලබාදී තිබෙනවා. දෙසැම්බර් 20 දින අග්‍රමාත්‍යතුමාගේ නායකත්වයෙන් තවත් බදු ඔප්පු 3200ක් සින්නක්කර ඔප්පු 300ක් සමඟ ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා.

     

     

    ඉදිරිකාලයේ දී ග්‍රාමීය මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් නිවාස පදික ස්ථාපි කරන්නට වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මින් ඉදිරියට නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබාදීම ක්‍රියාත්මක වන්නේ ඒ කමිටුව හරහයි. 2017 දුප්පත්කම තුරන් කිරීමේ වසර හැටියට මේ මෙහෙයුම් කමිටුවේ ප්‍රධාන නියෝජිතය  හැටියට මාව පත් කළ මොහොතේ අපි ප්‍රතිඥාවක් දුන්නා.අපේ ඉලක්කය 2017 වසරේ උදා ගම්මාන 400ක් ආරම්භ කර අවසන් කිරීමට කටයුතු කරනවා.ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් හැම දිස්ත්‍රික්කයකම උදා ගම්මානයක් ආරම්භ කරනවා''යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya