ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට වරාය විකිණීමට තීරණයක් ‍නෑ- දේශාපලන ‍කෝණයකින් ‍නොව ර‍‍ටේ අවශ්‍යතාවය අනුව කටයුතු කරනවා

    නොවැම්බර් 28, 2016

    හම්බන්තොට වරාය විකුණන්න කිසිඳු තීරණයක් ‍ගෙන නොමැති බවත් දේශාපලන කෝණයකින් ‍නොව ර‍‍ටේ අවශ්‍යතාවය අනුව   කටයුතු කරන බවත්  වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (28) පාර්ලිමේන්තුවේ  දී ප්‍රකාශ කළේ, වරාය හා නාවික  කටයුතු අමාත්‍යාංශයේ  වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි

     

    වරා‍යේ තිබුණු දූෂණ සහ අනවශ්‍ය වියදම් සම්බන්ධ‍යෙන් අපි වි‍ශේෂ අවධානය ‍යොමු කළා. අද වනවිට එය සාර්ථක වී ති‍බෙනවා. ඒ ‍වෙනු‍වෙන් සියලු පාර්ශවයන් සහාය ලබාදී ති‍බෙනවා. පසුගිය කාල‍යේ අපි එක්ව ‍මේ ආණ්ඩුවක් නිර්මාණය කිරී‍මෙන් සිදුව ති‍බෙන ‍දේ දැක ගන්න පුළුවන්. පසුගිය ආණ්ඩුව සම‍යේ විශාල පිරිසක් වරාය ‍වෙත බඳවා‍ගෙන ති‍බෙනවා. අපි සාකච්ඡා ‍කොට ‍දේශපාලනයට ‍යොදා ගත් සියලු ‍දෙනාටම රැකියා ‍දෙන්න පුළුවන් උණා. ‍මේ සියලු ‍දෙනාටම ස්ථිර රැකියා ලබාදී ති‍බෙනවා. ‍දේශාපන ‍කෝණයකින්නොව ර‍‍ටේ අවශ්‍යතාවය අනුව අපි කටයුතු කරනවා.

     

    2015 වස‍රේ අවසාන‍යේ ශ්‍රී ලංකා වරා‍යේ ණය ප්‍රමණය රුපියල් මිලියන 233,000ක් පමණ ‍වෙනවා. එයින් සියයට 67ක් පමණ හම්බන්‍තොට වරාය සඳහා ‍ගෙවන්න ‍වෙලා ති‍බෙනවා. 2016 වස‍රේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රුපියල් 20,115ක් ‍ගෙවිය යුතු ‍වෙනවා.

     

    කොළඹ වරා‍යේ පර්යන්ත තුනක් ති‍බෙනවා. ‍මේ පර්යන්තවල ප්‍රශ්න තිබුණා. ඒවා‍යේ ආම්පන්න ඉතාම පැරැණි ඒවා ‍වෙනවා. අද වනවිට 27 - 30 අතර බහාලුම් ‍මෙ‍යෙහවන්නට හැකි මට්ටමට ‍ගෙනවිත් ති‍බෙනවා. වරා‍යේ ණය ‍හේතු‍‍වෙන් සංවර්ධන කටයුතු රැසක් නවතා තබන්න සිදුව ති‍බෙනවා. අභ්‍යන්තර මාර්ග පද්ධතිය සංවර්ධනය කරන්නට පියවර ‍ගෙන ති‍බෙනවා.

     

    බණ්ඩාරනායක ජැටි පාලම අලුත්වැඩියා කර ති‍බෙනවා. ජයබහාලු පර්යන්ත‍යේ මාර්ග ප්‍රතිසංස්කරණ කර ති‍බෙනවා. අද වනවිට වරා‍යේ ස්ථිර ‍සේවකයන් 9,594ක් පමණ ‍වෙනවා. අපි ලබන ආදායමින් සියයට 48ක් ‍සේවකයන්ගේ පඩි ‍වෙනු‍වෙන් ‍ගෙවනවා. අපි ඔවුන්ගේ වැටුප සියය‍ට 15කින් වැඩිකර ති‍බෙනවා. ඒ ව‍ඟේම රුපියල් 9,000ක දීමනාවක් ලබාදී ති‍බෙනවා. අපි ‍සේවකයන් දිරිමත් කරන්නේ නම් ඒ හරහා ‍මේ මුදල ලබාගන්න පුළුවන්. වරා‍යේ රැකියා සඳහා අයැදුම්පත් 75,000ක් පමණ පැමිණ ති‍බෙනවා. වරාය ‍සේවකයන්ගේ ‍වෛද්‍ය මධ්‍යස්ථානය දියුණුකර ති‍බෙනවා. නව මුර ‍සේවා ක්‍රමයක් ඇතිකර ති‍බෙනවා.

     

    ‍දේශපාලන පළිගැනීම් කර නැහැ. අපි උසස්වීම් 773ක් ලබාදී ති‍බෙනවා. ‍දේශපාලන ක්‍රම‍වේදයක් ‍නොමැතිව කමිටුවක් හරහා එය ලබාදී ති‍බෙනවා. වරා‍යේ ‍සේවකයන් ‍වෙනු‍වෙන් ‍වෙනම දිනයක් ‍සේවකයන් හමුවීමට ලබාදී ති‍බෙනවා. පසුගිය ජනාධිපතිවරණ‍යේ දී 570ක් පමණ මහින්ද රාජපක්ෂ මහතා‍ගේ මැතිවරණ කටයුතු වෙනු‍‍වෙන් නිදහස්කර ති‍බෙනවා. අපි ඒ ‍සේවකයන් රඳවා ගන්නට පියවර ගත්තා.

    ඒකපාක්ෂික ආණ්ඩුවක් තිබුණා නම් ඔවුන්ට ‍ගෙදර යන්න ‍වෙනවා. පියපුතු පදනම යට‍තේ පසුගිය කාල‍යේ විශාල පිරිසක් බඳවා ගත්තා. පසුගිය කල‍යේ 214ක් කිසිඳු සුදුසුකමක්නොමැතිව බඳවා‍ගෙන ති‍බෙනවා. විභාගයකින් ඔවුන්ගේ ‍සේවය පිහිටුවන්නට පියවර ‍ගෙන ති‍බෙනවා. ජාතික කණ්ඩායම නි‍යෝජනය කරන ‍වොලි‍බෝල්, ක්‍රිකට් ක්‍රීඩකයන් 37 ‍දෙ‍නෙකු ස්ථිර කරන්නට පියවර ‍ගෙන ති‍බෙනවා.

    ඵලදායිතාවය ඉහළ දමන්නට පියවර ‍ගෙන ති‍බෙනවා. වරා‍යේ ප්‍රතිරූපයට විනාශකාරී දෑ විශාල ප්‍රමාණයක් පසුගිය කාල‍යේ සිදුවුණා. දකුණු ආසියා‍වේ ‍හොඳම වඩු මඩුව අ‍පේ වරාය අධිකාරිය සතු ‍වෙනවා. නමුත් විශාල මුදලක් ලබාදී ගෘහභාණ්ඩ මිලදී ‍ගෙන ති‍බෙනවා. වරාය මුළුතැන්‍ගෙයි වියදම සියයට 20කින් පමණ අවමකර ති‍බෙනවා. වරා‍යේ ‍ලොරි ප්‍රශ්නයක් ති‍බෙනවා. වරා‍යේ ‍සේවකයන් අපි ‍කෙ‍රෙහි විශ්වාසය තබා ති‍බෙනවා. ‍‍ලෝක‍යේ විශාල නැව් අද භාවිතයට ගන්නවා. ජයබහාලු පර්යන්තය ඇතැම්විට චීන වරාය ‍වෙත යන්න ‍වෙලා ති‍බෙනවා. නැ‍‍ගෙනහිර ජැටිය විකුණන බවට විවිධ මත ති‍බෙනවා. හම්බන්තොට වරාය විකුණන්න කිසිඳු තීරණයක් ‍ගෙන නැහැ. ගිවිසුමකට අනුව එම වරාය ක්‍රියාත්මක කරන්න සමාගමක් සමඟ සාකච්ඡා කර ති‍බෙනවා. ඒ අය ඉල්ලන සෑම ‍දෙයක්ම ‍දෙන්න අපි සූදානම් නැහැ. අ‍පේ ‍දේ ‍නොවිකුණා‍ ඉදිරියට යන්න සූදානම්.

     

    මේ වරාය විකුණන්නේ නැහැ. ‍පෞද්ගලික අංශ‍යේ ආයතන සමඟ සහ‍යෝඟ‍යෙන් කටයුතු කරනවා. නැ‍ගෙනහිර පර්යන්තය සියයට 15ක් අවම තැබිය යුතු ‍වෙනවා. අපි රජයට වැඩි ප්‍රමාණයක් ලබාදිය යුතු ‍වෙනවා. නැ‍ගෙනහිර පර්යන්තය නවීකරණයට ‍ඩොලර් මිලියන 500ක් පමණ අවශ්‍ය ‍‍වෙනවා. නැව් සංස්ථාව ‍ඩොලර් මිලියන 81ක් ලබාදී ගල් අඳුරු ‍ගෙනඒම ‍වෙනු‍වෙන් නැව් ‍දෙකක් ‍ගෙනවිත් ති‍බෙනවා. එම නැව් ‍ඩොලර් මිලියන 35කට ‍හෝ අද විකුණා ගන්න බැහැ. හම්බන්තොට වරාය ‍වෙනු‍වෙන් රුපියල් මිලියන 142,961ක් ණය ලබා‍ගෙන ති‍බෙනවා. ‍තෙල් ටැංකි ව්‍යාපෘතිය අද වනවිට අසාර්ථක වී ති‍බෙනවා. ඉන්ධන ටැංකි ‍වෙනු‍වෙන් හැටන් නැෂනල් බැංකු‍වෙන් ‍ඩොලර් මිලියන 28ක ණයක් ලබා‍ගෙන ති‍බෙනවා. හම්බන්තො‍ට ‍සේවකයන් 280 ‍දෙනා අද වනවිට ස්ථිර ‍සේවකයන් බවට පත්කර ති‍බෙනවා.

    ‍මේ ආණ්ඩු‍වේ කිසි‍වෙකු කිවු‍වේ නැහැ හම්බන්තොට වරාය ඉදිකිරීම වැරැදියි කියා. අපි ඒවෙනු‍වෙන් ‍ඩොලර් බිලියන 1.5ක් වැයකර ති‍බෙනවා. ‍ඩොලර් බිලියන 1.5ක ලන්සුවක් සමඟ ඒ සම්බන්ධ‍යෙන් සමාගමක් සමඟ සාකච්ඡා කර‍ගෙන යනවා යන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya