ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නීත්‍යාණුකූල විරෝධතාවයකට බාධා කිරීමට අවශ්‍ය නෑ - වරප්‍රසාද කඩවීමක් ගැන අගමැති පාර්ලිමේන්තුව දැනුවත් කරයි

    නොවැම්බර් 30, 2016

    කිසිම ආකාරයක නීත්‍යාණුකූල විරෝධතාවයකට බාධා කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් එහෙත් පාර්ලිමේන්තුවට පැමිණීමට හා පිටවීමට මන්ත්‍රීවරුන්ට නිදහසක් තිබිය යුතු බවත්
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද අයිතිය පෙන්වා දෙමින් අද (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ ය.

    එහිදී පාර්ලිමේන්තුව දැනුවත් කළ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසී ය.

     

    පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ දී විශාල අවහිරයක් වුණා කියලා,පාරේ තිබුණු උද්ඝෝෂණය.පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ උපලේඛනයේ පලමු අංකය තමයි, පාර්ලිමේන්තුවට පැමිණීම හා පිටවීම අවහිර කිරීම තහනම් කර තිබෙන්නේ. බාධාවක් නොමැතිව පැමිණීම සහ පිටවීම අපේ වරප්‍රසාදයේ කොටසක්.

    මේ පිළිබඳව කතානායකතුමාට දැනුම් දීලා, කතානායකතුමා මර්ගයෙන් පොලීසියටත්, අධිකරණයටත් දැනුම් දෙන්න.  මෙය පෙර සිටම පැවැති වරප්‍රසාදයක්. මන්ත්‍රීවරුන්ට  කිසිම ආකරයක බාධාකිරීමෙන් තොරව.

    අද පැවැති තත්ත්වය තුළ එන්නට ලොකු ප්‍රමාදයක් වී තිබෙනවා. මෙය පොලීසියේ සහ අධිකරණයේ අවධානය යොමු විය  යුතුයි.අපි මෙම විධිවිධාන අනුව කටයුතු කළ යුතුයි. කිසිම ආකාරයක නීත්‍යාණුකූල විරෝධතාවයකට බාධාකරන්න අවශ්‍ය නෑ. ඔවුන්ට පාරට ඇවිත් උද්ඝෝෂණය කරන්න පුළුවන්. මාධ්‍යයට අවරය කරන්න පුළුවන්. එළියට දාන්න කියන්නේ නෑ. අපිට අවිත් යන්න නිදහස තිබිය යුතු යැයි අග්‍රාමාත්‍යවරය ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya