ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සමඟිය අවශ්‍ය ‍වෙනවා - ජනමාධ්‍යයට ‍මේ ‍වෙනු‍වෙන් කළයුතු දෑ ති‍බෙනවා

    දෙසැම්බර් 01, 2016

    ජාතික සමඟිය අවශ්‍ය ‍වෙනවා. අපි ‍මේ ප්‍රශ්නය සම්බන්ධ‍යෙන් උනන්දු‍වෙන් කටයුතු කළයුතු ‍වෙනවා. ජනමාධ්‍යයට ද ‍මේ ‍වෙනු‍වෙන් කළයුතු දෑ ති‍බෙනවා. යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නි‍යෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.

    ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද (1) පාර්ලිමේන්තුවේ දී විවාදයට  ගත් අවස්ථාවේ දී විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකශ කළේ ය.

     

    අද මුළු ‍ලොවම සම්පත් ‍බෙදීයා‍මේ, පාරිසරික, ආර්ථික අර්බුද රැසකට මුහුණ ‍දෙනවා. ජ‍තික රාජ්‍ය ‍දෙසට හැ‍රෙමින් ති‍බෙනවා. එය ඇ‍මෙරිකා‍වේ, මහා බ්‍රිතාන්‍යයේ සිදුව ති‍බෙනවා. මහා චින්තකයන් නිර්මාණය කළ මතවාද ‍වෙනුවට පල්ලම් බසිමින් සිටිනවා. අ‍පේ ර‍ටේ ‍කේන්ද්‍රීය බලය බිඳින්නට හදන බවට ඇතැමුන් ප්‍රකාශ කරනවා. අපි ඊට වි‍රෝධය පළකරනවා. අපි ලෝක සන්දර්භය ‍තේරුම් ගතයුතු ‍වෙනවා. ‍මේ තුළ අ‍පේ ‍දේශපාලනය, ජාතිකවාදය සම්බන්ධ‍යෙන් කතාකරන්න ‍වෙනවා. විවිධ මතාවද හරහා පල්ලම් බහින්න පුළුවන්. අද ‍මේ ජාතික සංවාඳය, ජාතික සමඟිය අවශ්‍ය ‍වෙනවා. අපි ‍මේ ප්‍රශ්නය සම්බන්ධ‍යෙන් උනන්දු‍වෙන් කටයුතු කළයුතු ‍වෙනවා. ජනමාධ්‍යයට ද ‍මේ ‍වෙනු‍වෙන් කළයුතු දෑ ති‍බෙනවා.

     

    ඇතැම් ජනමාධ්‍ය ‍මේ සම්බන්ධ‍යෙන් කටයුතු කරන්නේ නැද්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් ති‍බෙනවා. අපි ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජාතික සංහිඳියා අමාත්‍යාංශය ‍මෙන්ම ජාතික නාළිකාව සමඟ එක්ව නව නාලිකාවක් ආරම්භ කරන්න පියවර ‍ගෙන ති‍බෙනවා. ජාතික සංහිඳියාව ‍වෙනු‍වෙන් එය කටයුතු කරනවා අතර සංහිඳියා‍වේ නාළිකාව ‍ලෙස නම්කර ති‍බෙනවා. අද ‍වෛරී ප්‍රකාශන වැළැක්වී‍මේ නීතියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ‍වෙනවා. ජනමාධ්‍ය නිදහස උපරිම ‍ලෙස අත්කර ‍ගෙන ති‍බෙන රටවල ද ‍වෛරී ප්‍රකාශන සම්බන්ධ‍යෙන් නීති ති‍බෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න බියවන රාජ්‍යයකට ජාතික සංහිඳියාව ඇතිකරන්න බැහැ. නීතිය තදින් ක්‍රියාත්මක කරන්න සිදුව ති‍බෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya