ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සූර්ය බල පද්ධතියක් පාර්ලිමේන්තුවට - පාර්ලිමේන්තුව ''හරිත පාරිලිමේන්තුවක් ''වෙනවා - නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා

    දෙසැම්බර් 02, 2016

    පාර්ලිමේන්තුවේ විදුලි අවශ්‍යතවයට සූර්යබල පද්ධතියක් සවි කෙරෙන බවත් ඒ අනුව පාර්ලිමේන්තුව හරිත පාරිලිමේන්තුවක් බවට පත් වන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    සුළං බලයෙන් මෙගාවෝට් 10 බැගින්වූ බලාගාර දෙකක් චුන්නාගම් ප්‍රදේශයේ අපි ටෙන්ඩර් කළා. ඉතම හොඳ මිලක් ලැබුණා. ක්‍රියාවලිය සති කීපයකින් අවසන් වෙනවා. ඉතාම ඉක්මනින් ඒ බලාගාර ක්‍රියත්මක වෙනවා. මෙගවෝට් එක බැගින් වූ  බලාගාර 60ක් ලංකාව පුරා අපි හදනවා.

    මේ වනවිට භූමියේ ව්‍යාපෘති කාර්යාල ආරම්භ කර තිබෙනවා. අවශ්‍ය සෑම කටයුත්තක්ම අවසන් කර තිබෙනවා. ආසියනු සංවර්ධන බැංකුවේ මුදල් සමඟ මේ ව්‍යාපෘතිය සිදු කරනවා. සුළං බලය පිළිබඳව විනිවිද වේගවත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරනවා. ලෝකයේ අනාගතය සූර්ය බලය, රටේ අනාගතය සූර්ය බලයයි.

    පාර්ලිමේන්තුවත් කතානායකතුමාගේත් ආශිර්වාදය ඇතිව පාර්ලිමේන්තුවේ මෙගාවෝට් 1.5ක ජලය මත පා වෙන සූර්ය විදුලිබල පද්ධතියක් සවිකිරීමට බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවත් හරිත පාර්ලිමේන්තුවක් බවට පත් වෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    මෙහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා, පාර්ලිමේන්තුවේ විදුලි බිල ඉහල ගොස් තිබෙනවා, ඔබගේ සහයෝගයෙන් එම විදුලි බිල සියයට 70%කින් අඩු වේයැයි විශ්වාස කරනවා. ඒ සහයෝගය අප අගය කරනව යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya