ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    විනිවිඳභාවයෙන් යුත් හොඳ මොඩලයක් ක්‍රියාත්මත කිරීමෙන් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහතගත කිරීමට පුළුවන්

    දෙසැම්බර් 02, 2016

    රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කරන්නේ නැහැ. විනිවිඳභාවයෙන් යුක්ත හොඳ මොඩලයක් ක්‍රියාත්මත කිරීමෙන් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහතගත කිරීමට පුළුවන් යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,  රාජ්‍ය ව්‍යවාසාය සංවර්ධන අමාත්‍ය අංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    රාජ්‍ය ව්‍යවසාය මණ්ඩලයක් පිහිටුවීම සඳහා දැනට නීතිපතිවරයගේ උපදෙස් අරගෙන පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන්න විධිමත් ක්‍රමවේදයක් හදන්න,කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සමහරු අර්ථකතනය කරන්න හැදුවා මේ අමාත්‍යාංශය පුදගලිකරණය කරන්න හැදුව අමත්‍යාංශයක් කියලා.

     

    රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කරන්නේ නැහැ.  මේ ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමක් මිස පෞද්ගලීකරණයක් සිදු කරන්නේ නැහැ. ලෝකයේම තිබෙන ක්‍රමවේදයන් අවබෝධ කර ගනිමින් අපේ ආයතනත් ප්‍රතිව්‍යූහගත කළ යුතුයි. මේවා කරන්න යන විට ඒකාබද්ධ විපක්ෂය විවේචනය කරනවා.

     

    වසර 10 ක් 20 ක් ආණ්ඩු කරලා රට බරපතල අර්බුදයකට ලක් කිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළා . 2005 සහ 2015 වසර අතර කාලයේදි පසුගිය ආණ්ඩුව රාජ්‍ය ආයතන විනාශ කළා. රාජ්‍ය ආයතන 55 ක්ම පාඩු ලැබුවා. 2014 වසර වන විට රුපියල් බිලියන 123 ක් මේ රාජ්‍ය ආයතනවලට ගෙවන්න වුණා.

     

    2015 වසර වන විට එම පාඩුව රුපියල් බිලියන 16 ක් දක්වා අඩු කර ගැනීමට අපේ ආණ්ඩුවට හැකි වුණා. ශ්‍රී ලංකා ගුවන්සේවයේ බැරකම් 2015 දෙසැම්බර් වන විට ඩොලර් මිලියන 3251 ක් . මේ මුදල භාවිතා කරමින් අපට දකුණු අධිවේගී මාර්ග පහක් හදන්නට පුළුවන්.  තමන්ට හා පවුලේ අයට සුරසැප විදීම සඳහා ගුවන්යානයේ සාමාන්‍ය පංතිය හා සුපිරි පංතියේ කොටසක් ඉවත් කර වී.අයි.පී. කිට් එකක් හදනවා.  වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ රුපියල් කෝටි 2000 ක මුදලක් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය හරහා රජයට ඉතිරි කර දී තිබෙනවා.

    වැවිලි සමාගම් කිසිදු වේලාවක විකුණා දමන්නේ නැහැ. ඒවා විකුණන බවට පවසමින් එහි සිටින කම්කරුවන් නොමඟ යවනවා. අපි මේවා බාර ගන්නා විට ඒ ආයතනවල සේවකයින්ට  ඊ.පී.එෆ් ගෙවා නැහැ.   එජාපය සමයේ වැවිලි සමාගම්වලට ඉඩම් බදු දුන්නා. එය වසර 50 ක් දක්වා දිගු කළා. වැවලි සමාගම් අක්කර 5000 දක්වා සීමා කර තිබෙනවා.  

     

    කිසිදු විටක ඒවා කෑලි කෑලිවලට කඩන්නේ නැහැ. අපේ අමාත්‍යාංශය ශ්‍රී ලංකා රක්ෂණ සමාගම පවරා ගැනීමෙන් පසුව 2015 සහ 2016 වසරවලදී  වැඩිම ලාබ ලැබුවා''යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya