ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ජනතා පැමිණීමට වැට බැද ඇතැයි කීම අසාධාරණ ප්‍රකාශයක් - සිදු කරන ප්‍රකාශ පිළිබඳව කණගාටුයි

    දෙසැම්බර් 03, 2016

    මහජනතාව, පාර්ලිමේන්තුවට පැමිණීම වැට බැද ඇතැයි කීම අසාධාරණ ප්‍රකාශයක් බවත් ගමනාගමන අයිතිය කාටත් තිබෙන බවත් අධි ආරක්ෂිත කලාපය සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බවත් කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

     

    පාර්ලිමේන්තුවේ අධි ආරක්ෂ කලාපය කතානායකතුමාගේ පාලනය යටතේ තිබෙන්නේ. මෙම අධි ආරක්ෂක කලාපයේ සීමාවන් සඳහන් කරන්න පුළුවන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් කතානායකවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය

     

    කතානායක කරූ ජයසූරිය මහතා-

    උදේ චෝදනාවක් කළා. කතානායකවරයා මහජනතාවට එන එකට වැට බැන්දා කියලා. අසාධාරණ  ප්‍රකාශයක්.විරෝධතා පවත්වන්න පුළුවන්. මහජනතාවටවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් බාධාවක් වෙන්න බෑ.ගමනාගමන අයිතිය කාටත් තිබෙනවා.කියන්න පුළුවන් එන්න ලබාදුන්නේ නැති මන්ත්‍රීවරයා කවුද කියලා, මම පරීක්ෂණයක් කරන්නම්. විරෝධතා අධි ආරක්ෂා කලාපයේ කරන්න බෑ.කිසිම අවස්ථවක එවැනි දෙයක් කර නෑ. බොරු චෝදනා කරන්න එපා.

     

    සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- 

    පක්ෂනායක රැස්වීමක් කැඳවාලා, ආරක්ෂිත කලාප ගැන තීරණයක් ගනිමු.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර මහතා -

    පක්ෂ නායකයින්ට ආරක්ෂ කලාප ගැන තීරණයක් ගන්න වුවමනා නෑ.


    කතානායක කරූ ජයසූරිය මහතා-

    අසාධාරණ චෝදනාවට කණගාටු වෙනවා. ආරක්ෂාව ලබාදීම  ආරක්ෂක අංශයට අයත් දෙයක්.බොරු චෝදනා කිරීම ගැන කණගාටු වෙනවා,මෙවැනි අත්දැකීම් ලත් මන්ත්‍රීවරු බොරු චෝදනා කිරීම සම්බන්ධව.


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

    ඔබතුමා අධි ආරක්ෂිත කලාප තීරණය කරලා, පක්ෂ නායකයින්ට තීරණය කරන්න.අපිට විශේෂ බලතල තිබෙන නිසා, පාර්ලිමේන්තුවට තීරණය කරන්න පුළුවන් අධි ආරක්ෂක කලාප තිබිය යුතුයි කියාලා.  පාර්ලිමේන්තුවට ඇවිත් තමන්ගේ මන්ත්‍රීතුමා මුණ ගැසීමට අයිතියක් තිබෙන්නට ඕන.  ඒ වගේම අපේ මන්ත්‍රීවරුන්ට නීතියෙන් අයිතියක් තිබෙනවා, පාර්ලිමේන්තුවට යන එන ගමන් බාධා නොවන්නට.

     

    ගිය සතියේ තිබූ පෙළපාලී නිසා මෙතැන බාධාවක් වුණා.අපි ඉල්ලීමක් කළා, කාටවත් අපි එන එක බාධා කරන්න බෑ. ඒක අපිට තිබෙන අයිතියක්. ඒක නවත්වන්න එපා. පාර්ලිමේන්තුව ළඟ ඇවිත් උද්ඝෝෂණය කරන්න ඒක කමක් නෑ. එංගලන්තය හා අනෙක් රටවල් කළා වාගේ අපි වෙනම තැන් දෙමු, ඒ අයට උත්ඝෝෂණය කරන්න. අපි මුණ ගැසෙන්න එන්න අය මුණ ගැසෙන්න පුළුවන්.එන එක ප්‍රශ්නයක් නෑ. මන්ත්‍රීවරුන්ට එන එක නවත්වනවානම් අපි විරුධයි. මේ සභාව ශක්තිමත් කර තිබෙනවා.


    කතානායක කරූ ජයසූරිය මහතා-

    මීට මාස කීපයකට කලින් ආරක්ෂා කලාප සම්බන්ධයෙන්  කටයුතු කරන්නේ. චෝදානාව සම්බන්ධයෙන් කණගාටු වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya