ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ආබාධිත දරුවන් සහ පුද්ගලයන් වෙනුවෙන් ආයතනික හා ව්‍යවස්ථාපිත පසුබිමක්

    දෙසැම්බර් 04, 2016

    ආබාධිත දරුවන් සඳහා වූ ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකසීමට මෙන්ම ආබාධිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් සහ එකඟතාවයන් කි‍්‍රයාත්මක කිරීමේදී පවතින අඩු පාඩු මඟ හරවා ගැනීමට අවශ්‍ය ආයතනික හා ව්‍යවස්ථාපිත පසුබිම සකසන බව ජනනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    පොලොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ‘අප හට රිසි වන මතු දින වෙනුවෙන්’ ඉටු කරගන්නෙමු සතළොස් අරමුණු, මැයෙන් සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශයේ සහ ආබාධිත පුද්ගලයන් සඳහා වූ ජාතික සභාවේ මෙහෙයවීමෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

    ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය සෑම වසරකම දෙසැම්බර් 03 වනදාට යෙදී ඇති අතර 1992 වසරේ සිට එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් සියලු රටවල එය සමරන අතර ශී‍්‍ර ලංකාව ද අඛණ්ඩව ඊට එක් වෙයි.

    ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීම, අබාධ සහිත පුද්ගලයන්ගේ අභිමානය, අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් අනුග‍්‍රහය දැක්වීම මෙම දිනය සැමරුම් තුළින් අපේක්ෂා කෙරේ.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ආබාධ සහිත පුද්ගලයා ආබාධිත නොවන පුද්ගලයා යටතේ සිටිය යුතු නොවන බවයි.

    ආබාධ සහිත පුද්ගලයා සහ ආබාධිත නොවන සාමාන්‍ය පුරවැසියා ද සම අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද සහිතව සමාජය තුළ ජීවත්විය යුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ආබාධ සහිත පුද්ගලයින්ගේ නිර්මාණ හැකියාවන් සහ කෞෂල්‍යයන් වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීමේ රජයේ වගකීම ඉටුකරන බවත් ඔවුන් වෙනුවෙන් ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් සහ එකඟතාවයන් තුළ මෙන්ම ඉන් එහා ගිය සියලු මානුෂික වගකීම් ඉටු කිරීමට කැපවන බවත් කියා සිටියේය.

    ආබාධ සහිත දරුවන් අතර 2016 ශිෂ්‍යත්ව විශිෂ්ටයින් ඇගයීම, අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ටයින් ඇගයීම, ආබාධිත නව නිපැයුම්කරුවන් ඇගයීම, පැරා ඔලිම්පික් සඳහා සහභාගී වූ ආබාධිත විශිෂ්ට කී‍්‍රඩකයා ඇගයීම, කෘතීම පාද බෙදාදීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    දිවි නැගුම සංවර්ධන නිලධාරි සහ කළමනාකරුවන් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

    සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද, සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් එම්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ආබාධ සහිත වූවන්ගේ ජාත්‍යන්තර දින වැඩසටහනේදී පසුගිය 3 වැනි දා  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ  සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    "ආබාධිත පුද්ගලයින් සඳහා වූ ජාත්‍යන්තර දිනයේ අපේ රටේ පවත්වන ප‍්‍රධාන ජාතික උත්සවය පොළොන්නරුවේ පවත්වන අවස්ථාවක ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත් වෙනවා.

    මේ වැඩසටහන පොළොන්නරුවේ පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව එස්.බී දිසානායක අමාත්‍යතුමා ඇතුළු එම අමාත්‍යාංශය ඒවගේම ආබාධ සහිත වූවන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය සමාජ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු ඒ සෑම කෙනෙකුටම මගේ ගෞරවනීය ස්තූතිය මා පුද කරනවා.

    සංඛ්‍යාලේඛන අනුව සියයට 08 ක් නවයකට ආසන්න සංඛ්‍යාවක් ආබාධිත පුද්ගලයින් පිළිබඳව වාර්තා වෙනවා. අපේ රටේ එවැනි වර්ධනයක් පෙන්නුම් කරන්නේ මූලික වශයෙන්ම යුද්ධයක් පැවති රටක් විදියට. එක් පැත්තකින් ආබාධිත වූ රණවිරුවන් සහ තවත් පැත්තකින් යුද්ධයේදී විවිධ අවස්ථාවල ප‍්‍රහාරයන්ට ලක් වූ සාමාන්‍ය පොදු ජනතාව තුළ ආබාධිත පුද්ගලයින් රාශියක් සිටිනවා. ඒ නිසා තමයි සියයට අටකට නවයකට ආසන්න සංඛ්‍යාවක් අපේ රටේ ආබාධිත පුද්ගලයින් පිළිබඳව සංඛ්‍යාලේඛන වාර්තා වෙන්නේ කියන එකයි මම බොහෝ විට විශ්වාස කරන්නේ. අපිට රටක් විදියට වගේම රජයක් විදියටත් ඒවගේම මිනිස්සු විදියටත් මෙවැනි ප‍්‍රශ්නයකදි අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා.

    මා දන්නා පරිදි මීට වර්ෂ කිහිපයකට පෙර ආබාධිත පුද්ගලයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව ශ‍්‍රී ලංකාවේ නිසි පරිදි කටයුතු නොකිරීම සම්බන්ධයෙන්‍ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ගෙන තිබෙනවා.

    මම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලේ මේ අංශ සමග කටයුතු කිරීමේදී එදා මට ලැබුණු වාර්තාවක් වගේම ආබාධිත පුද්ගලයින් සඳහා වූ විවිධ සංවිධාන, ආයතන මා හමු වූ අවස්ථාවේ ඒ ශ්‍රේෂඨාධිකරණ තීන්දුව මට පෙන්නුවා. මෙවැනි ප‍්‍රශ්නයක් ලංකාවේ තිබෙනවා ආබාධිතයින් සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක නොකිරීම සම්න්ධයෙන් ඊට අදාළ කරුණු වහ වහා ශ‍්‍රී ලංකා රජය ක‍්‍රියාත්මක කළ යුතුයි කියන තත්ත්වයේ ශ්‍රේෂඨාධිකරණ තීන්දුවක් දී තිබෙන නිසා ඒ අධිකරණ තීන්දුව වගේම අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළත් අනිත් පැත්තෙන් ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් සහ එක`ගතාවයන් තුළත් ඒවගේම ඊටත් එහා ගිය මනුෂ්‍යත්වය, මානවවාදී හැඟීම් තුළ මූලික වශයෙන්ම මෙවැනි කාර්යයකදී අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා.

    මේ අමාත්‍යාංශය විදියට ගත් විට එස්.බී දිසානායක ඇමතිතුමා මේ විවිධ අංශ, ආයතන සංවිධානය කරමින් ජාතික වශයෙන් මේ ගෙනයන වැඩපිළිවෙළ මා ඉතාමත් අගය කරනවා. අද ප‍්‍රධාන දේශනය පැවැත් වූ මහාචාර්ය ධනපාල මැතිතුමා ඉතාමත් වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කළා. එතුමා ඉදිරිපත් කළ කරුණු එතුමා පැහැදිලි කළා. හැඟීම් බර ස්වභාවය, මනුෂ්‍යත්වය තුළ ආදරය, කරුණාව වගේම අපේ රට තුළ මූලික වශයෙන් ඒ තත්ත්වය වර්ධනය වී තිබුණත් බොහෝ වෙලාවට නීතිමය සහ ව්‍යවස්ථාපිත තත්ත්වයන් ශක්තිමත් කළ යුතුයි කියන එක. ඒවගේම ආබාධිත දරුවන් සඳහා වූ ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය සහ එහි අඩුපාඩු වගේම අදාළ ප‍්‍රඥප්තීන් පිළිබඳව තිබෙන අඩුපාඩු ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව එතුමාගේ දේශනයේදි සඳහන් වුණා. ඒ නිසා එස්.බී දිසානායක ඇමතිතුමත් සමග සාකච්ඡා කරලා ඒ අඩුපාඩු සකස් කිරීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල තීන්දු තීරණ අරගෙන අවශ්‍ය සම්පත් ලබාදීලා ආයතනික වශයෙන් වගේම ව්‍යස්ථාපිත වශයෙන් ඒ කාර්යයන් ඉෂ්ට කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මා බලාපොරොත්තු වෙනවා.

    අපේ රටේ ජනතාවගේ දෛනික ජීවිතය, ආදායම් තත්ත්වයන් මේ සියල්ල සැලකිල්ලට ගත් විට මෙවැනි කටයුතුවලදි අපේ වගකීම් ඉටු කරන්නට අපි සෑම කෙනෙකුටම පු`ථවන්කම තිබෙනවා. ඒ නිසා රටක ජීවත් වන ජනතාවක් තුළ වගේම මු`ථමහත් ලෝක ප‍්‍රජාව විදියට ගතහොත් ආබාධිත පුද්ගලයා ආබාධිත නොවන පුද්ගලයා යටතේ සිටිය යුතු කෙනෙක් නොවන බව අපි සෑම කෙනෙක්ම දන්නවා. ආබාධිත නොවූ සාමාන්‍ය පුද්ගලයෙක් සහ ආබාධිත පුද්ගලයා කියන මේ දෙදෙනාම එක සමාන අයිතිවාසිකම්, වරප‍්‍රසාද තිබෙන සැමවිටම සිය නිර්මාණශීලීභාවයන්, කුසලතාවයන්, තමාගේ දක්ෂතාවයන් තුළ කළ හැකි කාර්යයන් තිබෙනවා. ඒ නිසා වඩාත් වැදගත් වෙන්නේ ඒ සඳහා ඉඩකඩ දෙමින් මේ කරුණු ශක්තිමත් කිරීමයි.

    ඒ නිසා මේ සියලූ අංශ සම්බන්ධයෙන් අමාත්‍යාංශ සහ ආයතනවල අදාළ සහයෝගය ලබා ගෙන අපිට වඩ වඩා අපේ රට වශයෙන් අන්තර්ජාතික ප‍්‍රඥප්තීන් වගේම අපේ ප‍්‍රතිපත්තිය තුළ රජය විදියට මේ කාර්යයන් සඳහා ප‍්‍රමුඛත්වයදී කටයුතු කරන්න අපට පුළුවන්කම තිබෙනවා.

    මූලික වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආබාධිත පුද්ගලයින් පිළිබඳව දිනයක් නම් කරලා තිබෙන්නේ ඇයි කියන කාරණාවට අප විසින් අවධානය යොමු කළ යුතුයි. බොහෝවෙලාවට විවිධ විෂය ක්ෂේත‍්‍ර, විවිධ අංශ, විවිධ කාර්යයන් සඳහා වසරේ තිබෙන තුන්සිය හැටපස් දවස වෙන් කරලා තිබෙනවා. මත්ද්‍රව්‍ය විරෝධී දිනය, මව්වරුන්ගේ දිනය, දරුවන්ගේ දිනය, ආබාධිතයින්ගේ දිනය, රුධිර පරිත්‍යාග දිනය, මේ වගේ අපි ගත්තොත් සමහර වෙලාවට වසරේ තුන්සිය හැටපස් දවසේම ජාතික වශයෙන් එක් එක් අංශ නම් කරලා තිබෙනවා. ඇතැම් වෙලාවට අන්තර්ජාතික වශයෙන් නම් කරලා තිබෙනවා. වසරේ දිනයක් මේ සඳහා වෙන් කරන්නේ ඇයි? වසරේ දිනයක් වෙන් කරන්නේ යම් කිසි විෂය ක්ෂේත‍්‍රයක් පිළිබඳව ඊට අදාළ ක්ෂේත‍්‍රයේ කටයුතු කරන පුද්ගලයින්ගේ වගේම ඊට අදාළ නොවන බාහිර සමාජයේ ආයතනවල පුරවැසියන්ගේ සංවිධානවල ඒ සෑම කෙනෙකුගේම අවධානය ඒ අදාළ කරුණු සම්බන්ධයෙන් යොමුවීම සඳහායි.

    අද ජාත්‍යන්තර ආබාධිත දිනය කියලා කතා කරන විට අපේ රටේ සෑම කෙනෙකුටම මේ සම්බන්ධයෙන් අපේ වගකීම් සහ යුතුකම් පිළිබඳව සිහිගැන්වීමක් සිහිපත් වීමක් අවධානයක් යොමු වීමක් ඇති වෙනවා. තමාගේ රාජකාරිය වෙන්න පු`ථවන් එහෙම නැත්නම් තමන් විසින් කරන වෙනත් කාර්යයන් තුළ ඒ කටයුතු සඳහා අවධානය යොමු වෙන්න පුළුවන්. රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට වෙන්න පු`ථවන්. ඒ සෑම අංශයකින්ම ආබාධිත ජනතාව වෙනුවෙන් කළ යුතු වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතුයි කියන ඒ අදහස හැ`ගීම, වගකීම, යුතුකම සියල්ල සෑම කෙනෙකුටම අවධාරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් යම් අධිෂ්ඨානශීලීභාවයක් ඇති වෙනවා. මේ සඳහා මම යමක් කළ යුතුමයි නේද කියන අදහස. එවැනි දිනයක් ප‍්‍රකාශයට පත් කරන්නේ ඒ නිසයි. බොහෝ වෙලාවට ඇතැම් අංශ වල තිබෙන අඩුපාඩුවක් තමයි රාජ්‍ය සේවය වේවා වෙනත් අංශවල තමාට අයත් විෂය ක්ෂේත‍්‍රය තුළ පමණක් තමන්ගේ වගකීම් ඉටු කිරීම. බොහෝ වෙලාවට සාකච්ඡාවලට ගියත් අපි ගත්තොත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආයතන පොදු ප‍්‍රශ්නයක් කතා කරන විට තමාගේ විෂය ක්ෂේත‍්‍රය පිළිබඳව පමණයි අදහසක් ප‍්‍රකාශ කරන්නේ. නමුත් රටක සංවර්ධනය සඳහා රටක දියුණුව සඳහා තමන් කටයුතු කරන විෂය ක්ෂේත‍්‍රයට ප‍්‍රමුඛත්වයක් දෙනවා වගේම තමාට ව්‍යවස්ථාපිතව නීතිමය වශයෙන් රාජකාරිමය වශයෙන් ඊට අදාළ නොවූ බොහෝ කරුණු ගණනාවක් සමාජ වගකීම් සහ යුතුකම් වශයෙන් තිබෙනවා. ඒ නිසා ඒ කරුණු ඉෂ්ට කිරීමට අපි සෑම කෙනෙක්ම කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා.

    මේ කටයුතු සාර්ථකව ඉටු කිරීමට එස්.බී දිසානායක ඇමතිතුමා ඇතු`ථ අමාත්‍යාංශයේ කාර්යය මණ්ලයේ නිලධාරීන් ඒවගේම ජාතික ලේකම් කාර්යාලය කටයුතු කිරීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා වගේම දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පුහුණු ආයතනවලින් වෘත්තිය ආයතනවලින් මීට අදාළ ආයතනවලින් පැමිණි ඒ දරුවන් ඒවගේම වැඩිහිටියන් උපදේශකවරු, පුහුණුකරුවන්, ගුරුවරුන්, නිලධාරීන් ඒ සෑමකෙනෙකුටමත් මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya