ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    බටහිර වෛද්‍ය විද්‍යාව, දේශීය වෛද්‍ය අංශ සියල්ල ශක්තිමත් කරමින් රජය තුළ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි

    දෙසැම්බර් 05, 2016

    රටක ඇත්තේ  බහුතරයක් නිරෝගී ජනතාවක් නම් එය සංවර්ධනයේ මිණුම් දණ්ඩේ සතුටු විය හැකි ප්‍රධාන සාධකයක් වන බවත් බටහිර වෛද්‍ය විද්‍යාව, දේශීය වෛද්‍ය අංශ සියල්ල ශක්තිමත් කරමින් නව රජය තුළ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් සියලු කරුණු සැළකිල්ලට ගත්විට නිරෝගීමත් ජනතාවක් ලෙස ජීවත්වීම සඳහා ජනතාවගේ කැපවීමක් තිබිය යුතු යැයි  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අයවැය 2017 සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමින් ජනාධිපතිතුමා මේ බව පැවසී ය.

     

    සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කතා කරන විට අපේ බටහිර වෛද්‍ය විද්‍යාවත් , දේශීය වෛද්‍ය විද්‍යාවත් වැදගත්වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව අපේ රටේ වගේම සමස්ත ලෝක ප්‍රජාවගේම  ඉතාම විශිෂ්ඨ සේවාවක් ඉටු කරනවා වගේම අපේ රට වශයෙන් ගත හොත් ප්‍රධාන වශයෙන් රෝග වැළැක්වීම, රෝග නිවාරණය සම්බන්ධයෙන් දේශීය වෛද්‍යවිද්‍යාවේ තිබෙන බොහෝ උපදෙස් සිරිත්  විරිත් සම්ප්‍රදායන් ඉතාමත් වැදගත් වෙනවා.

     

    අපේ රටේ ඉතිහාසය සඳහන් කරන විට අද දවස හෙට දවස වෙනුවෙන් සූදානම් කිරීමේ දී බටහිර වෛද්‍ය විද්‍යාව ශක්තිමත් කරනව වගේ ම දේශීය වෛද්‍ය විද්‍යාව, ආයුර්වේදය,    වඩාත් වර්ධනය කිරීම අවශ්‍ය වෙනවා.

     

    අපිට මූලික වශයෙන් රටක් ලෙස සංවර්ධනය පිළිබඳව, සංවර්ධනයේ මිණුම් දඬු ,සංවර්ධනයේ සාධක, සංවර්ධනයේ ඉදිරි සැළසුම් සියල්ල ගත් විට මූලික වශයෙන් රටේ සංවර්ධනය කොතෙක් දුරට උසස් ගුණාත්මකභාවයෙන් තිබෙනවාද කියන කාරණය තක්සේරු කළ හැක්කේ රටේ තිබෙන සෞඛ්‍ය තත්ත්වය මතයි.

     

    නව තාක්ෂණය සමඟ කොතෙක් ඉදිරියට ගියත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තමයි වඩාත් වැදගත් වන්නේ. රටක ඇත්තේ  බහුතරයක් නිරෝගී ජනතාවක් නම් එය තමයි සංවර්ධනයේ මිණුම්දණ්ඩේ සතුටු විය හැකි ප්‍රධාන සාධකය වන්නේ.

     

    අද තිබෙන අභියෝග මොනවාද? ඒ සඳහා සූදානම් ද? කියන කරුණුවලදී, අද බටහිර වෛද්‍ය විද්‍යාව, දේශීය වෛද්‍ය අංශ සියල්ල ශක්තිමත් කරමින් නව රජය තුළ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. එහි බොහෝ සාර්ථකත්වයන් තිබෙනවා.

     

    අධ්‍යාපනය, සෞඛ්‍ය දීර්ගකාලීන ආයෝජන වගේම දීර්ග කාලීන ප්‍රතිඵල ලබාදෙන අංශ කියන එක අපි කවුරුත් දන්නා  දෙයක්.බෝ නොවන රෝග සම්බන්ධයෙන් තිබෙන අභියෝගය මුළු මහත් මානව සමාජය මුහුණ දෙන අභියෝගයක්. සියලු කරුණු සැළකිල්ලට ගත්විට ජනතාවගේ කැපවීමක් තිබිය යුතුයි නිරෝගීමත් ජනතාවක් ලෙස ජීවත්වීම සඳහා. මිනිසෙක් සෞඛ්‍ය සම්පන්න කරන්න, වෛද්‍යවරයකුට කළ හැක්කේ යම් සීමිත කාර්යයක්. රජයකට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයතනවලට කළ හැක්කේ සීමිත කාර්යයක්.  නමුත් තමාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි වර්ධනයක් ඇතිකරගන්න, නිරෝගී මිනිසේක් ලෙස ජීවත් වෙන්න, තමාගේ දරු පවුලක් ලෙස සුරක්ෂිත කරන්න, පවුල් සංස්ථව තුළ ප්‍රබල හැගීමක් අවශ්‍ය වෙනවා.


    අපි සාක්ෂරතවය පිළිබඳව ඉහළ තැනක සිටින ජාතියක් විදියට වඩා දැනුවත් කිරීමක් තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ කාර්යයට යම් ප්‍රමුඛ කාර්යයක් කළ හැකියි. ඒ සඳහා නව සැලසුම් අවශ්‍යයි.

     

    දුම් කොළ, දුම්වැටි සම්බන්ධයෙන් නීතිරීති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිරීති, ඖෂධ පනත ක්‍රියාත්මක කරන්න හැකි වුණා. ප්‍රථිඵල ලබාගත යුත්තේ අධිෂ්ඨානශීලීවයි. දුම්කොළ සමාගමෙන් ලබාදෙන ශතයක්වත් අපි බාර ගන්න ලෑස්ති නෑ කිව්වා.ඒක ප්‍රතිපත්තියක්. ශ්‍රී ලංකා රජය ප්‍රධාන වශයෙන් ම දුම්කොල , මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය, දැඩි තීන්දු තීරණ සහිතව ක්‍රියාකරන රටක් ලෙස ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් පිළිගෙන තිබෙනවා.

     

    අද පවතින වෛද්‍යවරුන්ගේ හිඟය,හෙද සේවයේ හිඟය, දවසින් දෙක් ඇති වූ දෙයක් නොවේ. හෙද සේවය ශක්තිමත් කළ යුතුයි. විශාල රට හැරයාම බරපතල ප්‍රශ්නයක්. නව තාක්ෂණය සමඟ උපකරණ වැඩි වෙනව. මානව සම්පත් වර්ධනය කරන්න බෑ ඒ වෙගයෙන්. මාස දෙක තුනකින් එවැනි කෙනෙක් හදන්න බෑ. විශාල වශයෙන් වෛද්‍යවරු රට හැර යනවා. ලෝකයේ මොන රටකට ගියත් ලංකාවේ ප්‍රධාන අංශ දෙකක් අගය කරනවා. ඒ අධ්‍යාපනයසහ සෞඛ්‍ය සේවාවයි. මේ තත්ත්වය වර්ධනය කිරීමයි අවශ්‍ය වෙන්නේ.

     

    මේ රටේ විශේෂඥ වෛද්‍යවරු සහ හෙඳ සේවයේ සෑම කෙනෙක් ම මේ රටෙන් විදේශ සේවයට යැම රටේ ජනතාව හ ඥාතීන් ගැන හිතලා අවම කරන්න. විදේශ රටවල සිටින 15,000ක් පමණ සියලු දෙනාට ආරාධනා කරනවා කෙටි කාලයක් හෝ සේවය කරන්න කියලා. මේ පිළිබඳව වැඩි අවබෝධයකින් කටයුතු කළ යුතුයි.


    බටහිට වෛද්‍ය විද්‍යාවේ පවතින ගුණාත්මකභාවය වගේ ම අපේ දේශීය වෛද්‍ය විද්‍යාව   ආයුර්වේදය පිළිබඳව තිබෙන පිළිගැනීම ඉතා විශිෂ්ඨයි. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා, ඇතුළු  ආයතනවල සේවය කරන සියලු දෙනාටම ස්තූතිය පිරිනමනවා නිදහස් සෞඛ්‍ය සේවයට කර කැපකිරීම පිළිබඳව. රටක් ලෙස හොඳ අනාගතයක් සහිතව ගොඩනැගීමට නීරෝගිමත් ජනතාවක් මේ රටේ බිහිවෙන්න, නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින්, රාජ්‍ය නොවන සෞඛ්‍ය අංශ ශක්තිමත් කරමින්  ප්‍රමිතියට ගුණාත්මකභාවයට රජයේ පාලනයන්ට යටත්ව වඩාත් හොඳ සේවාවක් ඒ අංශයෙන් ලබාදෙන්නත් රාජ්‍ය නොවන අංශවලටත් අවශ්‍ය වගකීම් හා යුතුකම් පිළිබඳව වැඩි අවබෝධයක් ලබාදෙමින් රජයේ උපදෙස් හා මඟපෙන්වීම් තුළ කටයුතු කිරීමටත් වැඩි වගකීමක් අපි පවරමු යැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya